ගනුදෙනු ගිණුම්වල සටහන් කිරීම
යම්කිසි ගනුදෙනුවක ප්‍රතිඵලය නිසා ගිණුමක ශේෂයට සිදුවන බලපෑම (එකතුවිමක්ද නැතහොත් අඩුවීමක්ද)මත පදනම්ව ගිණුම්වලට ගනුදෙනු සටහන් කරනු ලැබේ.
වත්කම් වගකීම් අදායම් වියදම් සහ හිමිකම් යන ඛණ්ඩ වලට අයත් ගිණුම්වල සාමාන්‍යයෙන් පවතින්නේ හර ශේෂයක්ද නැතහොත් බැර ශේෂයක්ද යන්න අනුව
ගිණුමකට එකතුකිරිම සදහා හර සටහනක් යොදන්නේද බැර සටහනක් යොදන්නේද
සහ
ගිණුමක අඩුවීම සටහන් කිරීමට හර සටහනක් යොදන්නේද බැර සටහනක් යොදන්නේද
යන්න තීරණය වේ
| ගිණුම් වර්ගය | සාමාන්‍යයෙන් පවතින ශේෂය | වැඩි වීම | අඩුවීම |
| වත්කම් | හර | හර | බැර |
| වියදම් | හර | හර | බැර |
| වගකීම් | බැර | බැර | හර |
| හිමිකම් | බැර | බැර | හර |
| ආදයම් | බැර | බැර | හර |
