ව්‍යාපාරයක වගකීම් යනු මොනවද?
වගකීම් යනු ව්‍යාපාරයට ඇති බැඳීම් ලෙස සරලව අර්ථ දැක්විය හැකිය. යම් බැඳීමක් ව්‍යාපාරයට වගකීමක් ලෙස ලෙස හඳුනා ගැනීමට නම් එම බැඳීම තුල පහත සඳහන් ලක්ෂණ අන්තර්ගත වී තිබිය යුතුය.
- අතීත ගනුදෙනුවක හෝ සිදුවීමක ප්‍රතිඵලයක් වීම.
- බැඳීම බේරුම් කිරීමේදී ව්‍යාපාරය සතු සම්පත් වලින් කොටසක් පිටතට ගලායාම.
- ව්‍යාපාරයට වර්ථමාන බැඳීමක් තිබීම (එනම් බැඳීම දැනටමත් ඇතිවී තිබිය යුතුයි යන්නයි).
මේ අනුව අතීත ගනුදෙනුවක හෝ සිදුවීමක ප්‍රතිඵලයක් නිසා ඇතිවන ව්‍යාපාරය විසින් ගෙවිය යුතු අගය වගකීමක් ලෙස හැඳින්විය හැකිය.
