අභ්‍යාස අංක 02
පහත සඳහන් වන්නේ නිමාශාගේ ව්‍යාපාරයේ 2019 ජනවාරි මාසයේ සිදුවු ගනුදෙනු වේ. එක් එක් ගනුදෙනුව
වත්කම් = හිමිකම් + වගකීම් යන ගිණුම්කරණ සමීකරණයට ඇතුලත් කරන්න.
- නිමාෂා රු.100,000 ක මුදලක් ප්රාග්ධනය ලෙස ව්‍යාපාරයට යෙදවීම.
- රු.60,000 ක භාණ්ඩ තොගයක් අත්පිට මුදලට ගැනීම.
- රු.20,000 ක පිරිවැය වු භාණ්ඩ තොගයක් රු.25,000 කට අත්පිට මුදලට විකිනීම.
- නිමාෂා රු.50,000 ක් වටිනා පරිඝණක යන්ත්‍රයක් ව්‍යාපාරයට යෙදවීම.
- ව්‍යාපාරයේ භාවිතය සඳහා රු.30,000 ක ලී බඩු උපකරණ මිලදී ගැනීම.
- ගොඬනැඟිලි කුලී ගෙවීම 5000 කි.
- නිමාෂා සිය පෞද්ගලික අවශ්‍යතාවයක් සඳහා ව්‍යාපාරයේ භාණ්ඩ තොගයෙන් රු.10,000 ක පිරිවැය වු භාණ්ඩ සහ මුදලින් රු.5000 ක් ලබා ගැනීම.
- රු.25000 ක් තැන්පත් කර බැංකු ගිණුමක් ආරම්භ කිරීම.
