අභ්‍යාස අංක 05
ව්‍යාපාරයක 2019-01-01 දිනට වත්කම්,වගකීම් හා හිමිකම් ගිණුම්වල ශේෂයන් දක්වා ඇත.
වත්කම්
මුදල් 200,000
මෝටර් රථ 300,000
තොගය 200,000
ණය ගැතියෝ 100,000
800,000
හිමිකම්
ප්රාග්ධනය 400,000
වගකීම්
බැංකු ණය 150,000
ණය හිමියෝ 200,000
උපචිත වියදම් 50,000
800,000
ඉහත දක්වා ඇති ගිණුම් ශේෂයන් පහත සඳහන් ගිණුම්කරණ සමීකරණයට ඇතුලත් කරන්න.
මුදල් + මෝටර් රථ + තොගය + ණය ගැතියෝ = ප්රාග්ධනය + බැංකු ණය + ණය හිමි + උපචිත වියදම්
ව්‍යාපාරයේ 2019 ජනවාරි මාසය තුල සිදුවී ඇති පහත සඳහන් ගනුදෙනු ගිණුම්කරණ සමීකරණයට ඇතුලත් කර 2019/01/31 දිනට ව්‍යාපාරයේ වත්කම් වගකීම් හා හිමිකම් වල තත්වය ගණනය කරන්න.
- රු.50,000 ක් ගෙවා භාණ්ඩ තොගයක් මිලදී ගැනීම.
- රු.30,000 ක් පිරිවැය වු භාණ්ඩ තොගයක් රු.35,000 කට අත්පිට මුදලට විකිණීම.
- රු.20,000 ක් පිරිවැය වු භාණ්ඩ තොගයක් රු.23,000 කට ණයට විකිණීම හා මෙයින් රු.10,000 ක් එම අවස්තාවේදීම ලබා ගැනීම.
- අමතර ප්රාග්ධනය ලෙස රු.50,000 ක් අයිතිකරු විසින් යෙදවීම.
- රු.15,000 ක පිරිවැය වු භාණ්ඩ තොගයක් සහ රු.5000 ක මුදලක් අයිතිකරු පෞද්ගලික ප්‍රයෝජනයට රැගෙන යාම.
- අයිතිකරුගේ පෞද්ගලික මුදලින් රු.10,000 ක් වු ව්‍යාපාරයේ කඩ කුලිය ගෙවීම
