ගිණුම්කරණ සමීකරණයේ විකාශණය
ව්‍යාපාරයක් ආරම්භක අවස්ථාවේදීම (වෙනත් ගනුදෙනු සිදුවීමට පෙර)එහි මුළු වත්කම් ප්‍රමාණයම අයිතිකරුගේ හිමිකම නියෝජනය කරන නිසා ව්‍යාපාරයක් ආරම්භක අවස්ථාවේදී ගිණුම්කරණ සමීකරණය පහත සදහන් ලෙස දැක්විය හැක
එනම්:ව්‍යාපාරයක සියලුම වත්කම් අයිතිකරු පමණක් සපයා ඇති අවස්ථාවක ව්‍යාපාරය නවතා දමන්නේ නම් ව්‍යාපාරයේ මුළු වගකීම ඇත්තේ එහි හිමිකරුට ගෙවා නිදහස් කිරීමට පමණි. එවිට ව්‍යාපාරයට වගකීම ඇත්තේ හිමිකම ගෙවීමට පමණි.
| වත්කම් = හිමිකම් |
ව්‍යාපාරයේ වත්කම් අයිතිකරුට මෙන්ම වෙනත් පාර්ශවයන්ටද අයිති අවස්ථාවකදී ව්‍යාපාරයේ වගකීම කොටස් 2 කට බෙදේ.
|
වත්කම් |
= |
හිමිකම් |
+ |
භාහිර වගකීම් |
අයිතිකරුගේ හිමිකම වන්නේ අයිතිකරු ලැබු ලාභය හා යෙදු ප්රාග්ධනය යන කොටස් දෙකේම එකතුවයි.
| වත්කම් | = | ප්රාග්ධනය + ලාභය + භාහිර වගකීම් | ||
ව්‍යාපාරයක ලාභය සකස් වන්නේ ආදායමෙන් වියදම අඩුවීමෙනි. එම නිසා ආදායමක් ලැබීම නිසා හිමිකම වැඩිවේ. වියදමක් දැරීම නිසා හිමිකම අඩුවේ
| වත්කම් | = | ප්රාග්ධනය | + ආදායම | – වියදම | + භාහිර වගකීම් |
අයිතිකරු ව්‍යාපාරය ආරම්භයේදී යොදන ප්රාග්ධනය මූලික ප්රාග්ධනය වන අතර ව්‍යාපාර කරගෙන යාමේදී වරින් වර ප්රාග්ධනය සැපයිය හැකිය. එය අතිරේක ප්‍රාග්ධන යෙදවීමයි. මේ නිසා හිමිකම වැඩිවේ.
| වත්කම් | = | මූලික ප්රාග්ධනය+ | අතිරේක ප්රාග්ධනය | +ආදායම | -වියදම | +භාහිර වගකීම් |
අයිතිකරු ව්‍යාපාරයෙන් වරින් වර පෞද්ගලික ප්‍රයෝජනයට මුදල් හෝ භාණ්ඩ ලබාගත හැක. මෙය ගැනිලි ලෙස හැඳින්වේ. ගැනිලි නිසා හිමිකම අඩු වේ
| වත්කම් | = | මූලික ප්රාග්ධනය+ | අතිරේක ප්රාග්ධනය+ | ආදායම- | වියදම- | ගැනිලි + | භාහිර වගකීම් |
සම්පූර්ණයෙන්ම විකාශණය කරන ලද ගිණුම් හෝ සමීකරණය
| වත්කම් | = | හිමිකම් + | වගකීම් |
| මුදල්+ | මූලික ප්රාග්ධනය + | බැංකු ණය+ | |
| බැංකුශේෂය+ | අතිරේක ප්රාග්ධනය යෙදවීම+ | ණය හිමියෝ+ | |
| ණය ගැතියෝ+ | ආදායම් | ගෙවිය යුතු වියදම+ | |
| තොග+ | (වියදම්) | ලැබු අත්තිකාරම්+ | |
| මෝටර් රථ+ | (ගැනිලි) | බැංකු අයිරාව | |
| පරිඝණක යන්ත්‍ර+ | |||
| ආයෝජනය+ | |||
| ලීබඩු උපකරණ+ | |||
| ඉඩම්+ | |||
| ගොඩනැගිලි+ | |||
| ගෙවුඅත්තිකාරම් |
සම්පූර්ණයෙන් විකාශණය කරන ලද ගිණුම්කරන සමීකරණය ඉහත දක්වා ඇති අතර මෙහි “ආදායම්“ යන්න වෙනුවට එක් එක් ආදායම්ද “වියදම්“ යන්න වෙනුවට එක් එක් වියදම්ද ඇතුලත් කරමින් තවදුරටත් විකාශණය කළ හැක. නමුත් ආදායම් ලැබීමෙන් හිමිකම වැඩිවන බවද වියදම් දැරීමෙන් හිමිකම අඩුවන බවද අධ්‍යනය කිරීම ප්‍රමාණවත් වේ. එය ඕනෑම ආදායමක් හෝ වියදමක් ගිණුම්කරණ සමීකරණයට ගලපා ගත හැක.
ලාභය/අලාභය
ආදායම එකතු කර වියදම අඩුකිරීම සේම මෙහි ආදායම හා වියදම වෙනුවට සෘජුවම ලාභය හෝ අලාභය ලෙස යෙදීමද කල හැකිය.
වියදමට වඩා ආදායම වැඩිවන විට එය ලාභයක් සේ හඳුනාගන්නා අතර ලාභය නිසා හිමිකම වැඩි වේ. එමෙන්ම වියදම ආදායමට වඩා වැඩි වුවහොත් එහිදී අලාභයන් ලබන අතර අලාභය නිසා හිමිකම අඩුවීමද සිදුවේ.
