ගෙවිය යුතු වියදම්(උපචිත වියදම්) ගිණුම්කරණ සමීකරණයකට ඇතුලත් කිරීම.
උපචිත වියදම් :-
උපචිත සංකල්පයට අනුව ව්‍යාපාරයක වියදම සලකා බැලීමේදී මුදලින් ගෙවුවද නොගෙවුවද වර්ෂයට අදාල මුලු වියදම වියදම් ලෙස සැලකිය යුතුය. මෙහිදී සලකා බලන දිනය වන විටත් මුදලින් ගෙවා නොමැති වියදම් කොටස ඉදිරි මාස 12 තුල මුදලින් ගෙවීමට නියමිත නිසා එය ජංගම වගකීමක් ලෙස සැලකිය යුතුය.
උදාහරණ :- 2019 වර්ෂයේ ජනවාරි සිට දෙසැම්බර් මාසය දක්වා වැටුප් වියදම 120,000 කි. (මාසිකව රු. 10,000xමාස 12) නමුත් 2019/12/31 දින වන විටත් මුදලින් ගෙවා ඇත්තේ රු.110,000 ක්පමණි. දෙසැම්බර් මාසයේ වැටුප උපචිතව(ගෙවිය යුතුව) ඇත. උපචිත සංකල්පයට අනුව ව්‍යාපාරයේ 2019/12/31 න් අවසන් වර්ෂයේ වැටුප් වියදම ලෙස සැලකිය යුතු වන්නේ මුදලින් ගෙවු වියදම 110,000 සහ ගෙවිය යුතු වැටුප වන රු.10,000 යන කොටස් දෙකෙහිම එකතුවයි.
වත්කම් = හිමිකම් + වගකීම්
-110,000(මුදල්) = -120,000(වැටුප් වියදම) +10,000(උපචිත වැටුප)
