ලැබිය යුතු ආදායම් ගිණුම්කරණ සමීකරණයකට ඇතුලත් කිරීම.
උපචිත ආදායම් :- උපචිත සංකල්පය අනුව ගිණුම්කරණයේදී මුදලින් ලැබුනා හෝ නොලැබුනද ගිණුම් කාල පරිච්ඡේදයට අදාල මුළු ආදායම ආදායම ලෙස සැලකිය යුතුයි.
උදාහරණ :- ව්‍යාපාරයක් විසින් එහි ගොඬනැඟිල්ලේ කොටසක් මාසයකට රු.10,000 බැගින් කුලියට දීඇත. වර්ෂය අවසානය වන විටත් මුදලින් ලැබී තිබුනේ මාස 10 ක කුලිය පමණි. ඉතිරි මාස 2 ක කුලිය ලැබීමට නියමිතය.
මෙහිදී උපචිත සංකල්පයට අනුව ව්‍යාපාරයේ වර්ෂයේ කුලී ආදායම වන්නේ මුදලින් ලැබු රු.100,000 (10,000X10) සහ ලැබිය යුතු මුදල වන රු.20,000(10,000X2) යන කොටස 2 හිම එකතුව වන රු.120,000 වේ. ලැබිය යුතු කුලිය ඉදිරි ගිණුම් වර්ෂයේදී ලැබීමට නියමිත නිසා එය ජංගම වත්කමක් ලෙස සැලකේ.
|
වත්කම් = |
හිමිකම් |
+ වගකීම් |
| + 100,000 (මුදල්)
+ 20,000 (ලැබිය යුතු කුලී) |
+120,000( කුලී ආදායම) |
|
