වට්ටම් සහිත ගනුදෙනු
වට්ටම් යනුවෙන් අදහස් වන්නේ :-ව්‍යාපාරයක භාණ්ඩ අලෙවිය වැඩිකර ගැනීමේ චේතනාවෙන් භාණ්ඩවල ලකුණු කල මිලෙන් යම්කිසි අඩුකිරීමක් සිදුකර භාණ්ඩ අලෙවි කිරීම (වෙළඳ වට්ටම්) හෝ
ණය මුදල් අයකර ගැනීමේදී එම ණය මුදල් ඉක්මණින් අයකර ගැනීමේ සඳහා ණය මුදලින් යම්කිසි මුදලක් අඩුකර ගැනීමට ණයකරුට ලබාදෙන අවස්ථාව (මුදල් වට්ටම්) වේ.
වෙළඳ වට්ටම්
දුන් වෙළඳ වට්ටම් හෝ ලද වෙළඳ වට්ටම් වෙනුවෙන් විශේෂයෙන් ගිණුම් සටහන් අවශ්‍ය නොවේ. හේතුව වන්නේ අප සාමාන්‍යෙයන් ගැනුම් මිල හෝ විකුණුම් මිල ලෙස සලකන්නේ වට්ටම් අඩුකල පසු ශුද්ධ වටිනාකම වීමයි.
මුදල් වට්ටම්
දුන් මුදල් වට්ටම් :- ණය මුදල් අයකර ගැනීමේදී ලැබිය යුතු ණය මුදලින් සිදුකරනු ලබන අඩු කිරීම.මෙම අඩුකල මුදල නැතහොත් දුන් වට්ටම ව්‍යාපාරයේ වියදමක් ලෙස හඳුනා ගැනීම සිදුවේ. එම නිසා දුන් වට්ටම ගිණුම්කරණ සමීකරණයේදී හිමිකමෙන් සහ ණය ගැතියන්ගෙන් අඩුකල යුතු වේ.
ලද මුදල් වට්ටම් :- ණය හිමියන්ට ණය මුදල් ගෙවා නිදහස් කිරීමේදී ණය හිමියන්ගේ ලැබෙන ණය මුදල් අඩු කිරීම ලද මුදල් වට්ටම වේ. ලද මුදල් වට්ටම ආදායමක් සේ සලකා හිමිකමට එකතු කල යුතු අතර ණය හිමියන්ගේ අඩුකර දැක්විය යුතුය
ගිණුම්කරණ අභ්යාසයන්හීදි දුන් වට්ටම් හෝ ලද වට්ටම් ලෙස සටහන් කිරීම සිදුකරන අතර සාමාන්‍යෙයන් “මුදල්“ වට්ටම යන නම විශේෂයෙන් භාවිතා නොවේ. ණය මුදල් අයකර ගැනීම හෝ ගෙවීමට සම්බන්ධ වට්ටමක් නම් එය මුදල් වට්ටම බව අප විසින් තේරුම් ගෙන ගිණුම් සටහන් තැබිය යුතුය
