බැංකු ගිණුම හදුනාගැනීම
මුදල් පොත, සුළු මුදල් පොත මෙන්ම බැංකු ගිණුමද ව්‍යාපාරයේ මූලාශ්‍ර ලේඛන වලින් උපුටා ගන්නා තොරතුරු මූලිකවම සටහන් කරන මූලික සටහන් පොතකි.
ව්‍යාපාරයේ සියලුම මුදල් ව්‍යාපාරය තුල තබාගෙන මුදලින් වියදම් නොකර එම මුදලින් කොටසක් බැංකුවේ ජංගම ගිණුමක තැන්පත් කිරීම හා චෙක් පත් භාවිතා කරමින් එම බැංකුවේ ඇති මුදලින් ගෙවීම් කිරීම සාමාන්‍යයෙන් ව්‍යාපාරවල දක්නට ලැබේ. මෙවැනි අවස්තාවකදී එම බැංකු ජංගම ගිණුමේ ශේෂය භාවිත කරමින් කරන ගනුදෙනු සටහන් කිරීම සඳහා ව්‍යාපාරය තුල පවත්වාගෙන යන මූලික සටහන් පොත බැංකු ගිණුම ලෙස හැඳින්වේ.
