මුලික සටහන් පොත් යනු මොනවද?
ව්‍යාපාරයක සිදුවන සෑම ගනුදෙනුවක්ම ලේජර ගිණුම්වලට සටහන් කිරීමට ප්‍රථම එම ගනුදෙනු සිදුවූ අනුපිලිවලින් මුලාශ්‍ර ලේඛන වලින් තොරතුරු ලබාගෙන මුලිම සටහන් කරනුලබන පොත් මුලික සටහන් පොත් ලෙස හදුන්වනු ලැබේ.මෙහිදී නැවත නැවත සිදුවන එකම වර්ගයේ ගනුදෙනු සටහන් කිරීම සදහා වෙන වෙනම මුලික සටහන් පොත් යොදාගනු ලැබේ
