අවශ්‍ය තා සහ උවමනා හදුන්වන්නේ කෙසේද ?
ජීවත්වීම සඳහා මිනිසා විසින් අනිවාර්යයෙන්ම සපයගතයුතු දේ අවශ්‍යතා ලෙස හදුන්වන අතර එම අවශ්‍යතා සපුරා ගැනීමට යොදාගන්නා විවිධ භාණ්ඩ හා සේවා උවමනා ලෙස හදුන්වනු ලබයි. එක අ අවශ්‍ය තාවයක් සපුරාගැනීම සඳහා උවමනා කරන භාණ්ඩ හා සේවා එකක් හෝ කිහිපයක් තිබිය හැකිය.
| අවශ්‍යතා | උවමනා (අවශ්‍යතා සපුරාගැනීමට භාවිතා කරන භාණ්ඩ හා සේවා) |
| ආහාර | බත්, පාන්, මස්, පලතුරු, අයිස්ක්‍රීම්, කිරි, බිත්තර, බටර්, යෝගට් යනාදී යනාදී ආහාරයට ගන්නා ඕනෙම දෙයක් |
| ඇඳුම් | සරම, කලිසම, සාරි, ගවුම් යනාදී ඇඳුම් ලෙස භාවිතා කරන විවිධ දේ |
| නිවාස | තනි තට්ටුවේ නිවාස, මහල් නිවාස වැනි නිවාස අවශ්‍යතා ඉටුකර ගැනීමට භාවිතා කරන විවිධ නිවාස |
| අධ්‍යාපනය | පෞද්ගලික අධ්‍යාපන ආයතන, රජයේ පාසල්, ජාත්‍යාන්තර පාසල් |
| ආරක්ෂාව | රජය මගින් ආරක්ෂාව සැපයීම, පෞද්ගලික ආරක්ෂාව සේවා මගින් සේවය ලබාගැනීම. |
| ප්‍රවාහනය | පෞද්ගලික මෝටර් රථ භාවිතය, දුම්රිය, බස් රථ වැනි පොදු ප්‍රවාහ මාධ්‍ය භාවිතය, ගුවන් යානා, නැව් වැනි ජාත්‍යන්තර ප්‍රවාහන මාධ්‍ය භාවිතය |
