විකුණුම් ජ’නලය යනු කුමක්ද?
ව්‍යාපාරයක වෙළඳ භාණ්ඩ ණයට විකුණුම් පිළිබඳව විස්තර මූලාශ්‍ර ලේඛන වලින් ලබාගෙන මුලින්ම වාර්තා කරනු ලබන මූලික සටහන් පොත විකුණුම් ජ නලය ලෙස හැඳින්වේ.
විකුණුම් ජ නලයට තොරතුරු ලබා ගන්නා මූලාශ්‍ර ලේඛනය වන්නේ විකුණුම් ඉන්වොයිසියයි. විකුණුම් ඉන්වොයිසිවල විස්තර ලේඛනයකට ඇතුලත් කර ණයට විකුණුම් එකතුව ලබා ගැනීමක් ලෙස විකුණුම් ජ නලය සරලව හැඳින්විය හැකිය.
