අභ්‍යාස අංක 01
පහත සඳහන් වන්නේ ගෘහ භාණ්ඩ මිලට ගෙන විකිණීම සිදු කරන සංජය ට්‍රේඩ් සෙන්ටර් හි 2019 ජනවාරි මාසයේ සිදුවු ගනුදෙනු වේ.
- 2019-01-01 සීතා ට්‍රේඩර්ස් වෙතින් ගෘහ භාණ්ඩ තොගයක් ණයට ගැනීම රු. 20,000
- 2019-01-05 රුහුණු ට්‍රේඩර්ස් වෙතින් ලී පොලිෂ් ණයට ගැනීම රු. 4000.
- 2019-01-07 අත් පිට මුදලට ගෘහ භාණ්ඩ ගැනීම රු. 24000.
- 2019-01-09 කසුන් මෝටර්ස් වෙතින් ලොරි රථයක් ණයට ගැනීම රු. 500,000.
- 2019-01-25 සමන් පොත් හලෙන් ලිපිද්‍රව්‍ය ණයට ගැනීම. රු. 3000.
- 2019-01-28 නිහාල්ගෙන් ලී මේස 5 ක් හා පුටු 10 ක් ණයට ගැනීම. රු. 60,000.
- 2019-01-28 සීතා ට්‍රේඩර්ස් වෙතින් ලකුණු කල මිල 30,000 ක් වු ගෘහ භාණ්ඩ තොගයක් 10% ක වට්ටමක් යටතේ ණයට ගැනීම
ඉහත ගනුදෙනු අතරින් ගැනුම් ජ නලයට ඇතුලත් කල යුතු ගනුදෙනු පමණක් ගැනුම් ජ නලයකට ඇතුලත් කර මාසයේ ගැනුම් ගිණුමට පිටපත් කල යුතු ගැනුම් වටිනාකම ගණනය කරන්න.
