වෙළඳ භාණ්ඩ හා වෙළඳ නොවන භාණ්ඩ හඳුනා ගනිමු
යම් ව්‍යාපාරයක එම ව්‍යාපාරයේ සාමාන්‍ය ව්‍යාපාර කටයුත්ත ලෙස විකිණීමට තබා ඇති භාණ්ඩ එම ව්‍යාපාරයේ වෙළඳ භාණ්ඩ ලෙස හැඳින්වේ.
උදාහරණ 1
ගෘහ භාණ්ඩ මිලදී ගෙන විකුණන ව්‍යාපාරයක වෙළඳ භාණ්ඩය විකිණීමට තබා ඇති ගෘහ භාණ්ඩ වේ. විකිණීම සඳහා ගෘහ භාණ්ඩ ණයට ගැනීම වෙළඳ භාණ්ඩ ණයට ගැනීමකි.
සිල්ලර පාරිභෝගික භාණ්ඩ මිලදී ගෙන විකිණීම කරන ව්‍යාපාරයක වෙළඳ භාණ්ඩ වන්නේ සිල්ලර පාරිභෝගික ද්‍රව්‍යයන්ය. එම ව්‍යාපාරය විකිණීම සඳහා සිල්ලර භාණ්ඩ ණයට ගැනීම වෙළඳ භාණ්ඩ ණයට ගැනීමක් වන අතර ව්‍යාපාරයේ භාවිතය සඳහා ගෘහ භාණ්ඩ ණයට ගැනීම වෙළඳ නොවන ණයට ගැනීමකි.
උදාහරණ 2
මෝටර් රථ මිලදී ගෙන විකුණන ව්‍යාපාරයක නැවත විකිණීමේ අරමුණින් මෝටර් රථයක්ණයට ගැනීම වෙළඳ භාණ්ඩ ණයට ගැනීමක් වන අතර ව්‍යාපාරයේ භාවිතය සඳහා මෝටර් රථයක් ණයට ගැනීම වෙළඳ නොවන භාණ්ඩ ණයට ගැනීමකි.
මේ අනුව යම් ගනුදෙනුවක් වෙළඳ ගනුදෙනුවක්ද නැතිද යන්න තීරණය වන්නේ එම ව්‍යාපාරයේ ස්වභාවය හා ගනුදෙනුව සිදු කිරීමේ අරමුණ අනුව බව පැහැදිලි වේ.
