ගිණුම්කරණ ක්‍රියාවලිය හා එහි එක් එක් පියවරයන්
ගිණුම්කරණය යනු තොරතුරු සැපයීමේ ක්‍රියාවලියකි. එම සමස්ථ ක්‍රියාවලිය පහත සඳහන් ලෙස සාරාංශ කර දැක් විය හැකිය.
ගිණුම්කරණ යෙදවුම් |
|
ගිණුම්කරණ ක්‍රියාවලිය |
|
ගිණුම්කරණ නිමැවුම් |
මෙහිදී ගිණුම්කරණ යෙදවුම් ලෙස සලකන්නේ ව්‍යාපාරයක සිදුවන ගනුදෙනු වේ .මෙම ගනුදෙනු ගිණුම්කරණ ක්‍රියාවලිය තුල පියවර කිහිපයක් අනුව සකස්කර ගිණුම්කරණ නිමවුම් ලබාගනී.මෙමෙ නිමවුම් මුල්‍ය ප්‍රකාශන ලෙස හදුන්වන අතර ඇල්ම ඇති පාර්ශවයන් ව්‍යාපාරය පිලිබදව තොරතුරු ලබන්නේ මෙම මුලය ප්‍රකාශන පරිශීලනය කිරීමෙනි.
1.ව්‍යාපාරයක සිදුවන ගනුදෙනු පිලිබදව තොරතුරු රැස්කරගැනීම
මේ සදහා වයපරයක ගනුදෙනුවක් සිදුවන අවස්ථාවේදීම එම ගනුදෙනුව පිලිබදව තොරතුරු ඇතුලත්කරමින් සකස්කරනු ලබන ලේඛන එනම් මුලාශ්‍ර ලේඛන සකස්කරනු ලබයි
2.ව්‍යාපාරයක සිදුවන ගනුදෙනු පිලිබදව තොරතුරු වාර්තා කරගැනීම
මෙම පියවරේදී ව්‍යාපාරයේ සිදුවූ ගනුදෙනු පිලිබදව තොරතුරු කලින් සකස්කළ මුලාශ්‍ර ලේඛන වලින් ලබාගෙන ව්‍යාපාරයේ ගනුදෙනු මුලින්ම සටහන් කරනුලබන පොත් නැතහොත් මුලික පොත්වල වාර්තා කරගැනීම සිදුවේ
3.ව්‍යාපාරයක සිදුවන ගනුදෙනු පිලිබදව තොරතුරු වර්ගීකරණය කිරීම
මෙම පියවරේදී මුලික පොත්වල වාර්තා කරගෙන ඇති ගනුදෙනු දිත්ව සටහන් ක්‍රමයට අනුව ලෙජරය නමින් හදුන්වන පොතක් තුල ඇති එක් එක් ලේජර ගිණුමට පිටපත් කරයි.එසේ පිටපත් කරමින් ව්‍යාපාරයේ සිදුව ගනුදෙනු නිසා ඇතිවූ ප්රතිඵලයන් ව්‍යාපාරයේ වත්කම්,වගකීම් ,අදායම්, වියදම් සහ හිමිකම් ලෙස වර්ගීකරණය කරගනු ලබයි.
4.ව්‍යාපාරයක සිදුවන ගනුදෙනු පිලිබදව තොරතුරු සාරාංශ කිරීම
මෙහිදී ලෙජරය තුල ඇති එක් එක් ගිණුම එකතුකිරිම,ශේෂ කිරීම,සහ එම ශේෂ්යන්ගේ ලියිස්තුව වන ශේෂ පිරික්සුම සකස්කරගැනීම සිදුවේ.
5.ව්‍යාපාරයක සිදුවන ගනුදෙනු පිලිබදව තොරතුරු ඉදිරිපත් කිරීම
ශේෂ පිරික්සුම තුල ඇතුලත්වන වත්කම්,වගකීම් සහ හිමිකම් ගිණුම් ශේෂ ඇසුරින් මුල්‍ය තත්ව ප්රකාශනය නම් මුල්‍ය වාර්තාවක් සහ ශේෂ පිසික්සුම තුල ඇතුලත් අදායම් සහ වියදම් ගිණුම් ශේෂ ඇසුරින් ලාභ හෝ අලාභ ප්රකාශනය නම් මුල්‍ය වාර්තාවත් යනආදී මුලය ප්‍රකාශන සකස්කර ව්‍යාපාරය පිලිබදව තොරතුරු ලබාගැනීම සදහා ඇල්ම ඇති පාර්ශවයන් වෙත ඉදිරිපත් කරයි.