මුදලින් මැනිය හැකි සිදුවීම් යනු මොනවද ?
ගනුදෙනුවලට අමතර ව්‍යාපාර වල සිදුවන යම් යම් සිදුවීම් සිදුවේ.උදාහරණ ලෙස භාණ්ඩ තොග විනාශ වීම,ණය මුදල් අයකරගත නොහැකිබව තවුරුවන අවස්ථාවල බෝල් ණය ලෙස සැලකීම යනාදිය දැක්විය හැක මෙවැනි සිදුවීම් මුදලින් මැනිය හැකිනම් පමණක් ගිණුම්කරණයේදී ගනුදෙනු ලෙසම සලකා කටයුතු කරනු ලබයි
සිදුවීම :-ව්‍යාපාරික ගබඩාවේ තිබු භාණ්ඩ තොගයක් විනශ වී ඇත
(මෙවැනි සිදුවීමක් ගිණුම්කරණයට ලක්කළ නොහැක හේතුව වන්නේ සිදුවීම මුදලින් මැන නොමැති වීමයි )
මුදලින් මැනිය හැකි සිදුවීම :-ව්‍යාපාරික ගබඩාවේ තිබු භාණ්ඩ තොගයක් විනශ වී ඇත,තොගය විනාශ වීමේ අලාභය රුපියල් 5000 කි.
(මෙවැනි සිදුවීමක් ගිණුම්කරණයට ලක්කළ හැක,හේතුව තොග විනාශ වීමේ පාඩුව ගණනය කර තිබීමයි)
