වත්කමක් යනු කුමක්ද ?
ව්‍යාපාරයක් සතු සම්පත් එහි වත්කම් ලෙස සරලව අර්ථ දැක්විය හැකිය. නමුත් යම් සම්පතක් ව්‍යාපාරයක වත්කමක් ලෙස හඳුනා ගැනීමට(ගිණුම් පොත්වල ඇතුලත් කිරීමට ) නම් එහි පහත සඳහන් ලක්ෂණ තිබිය යුතුය.
1. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ඇති වී තිබීම.
2. අනාගතයේදී ව්‍යාපාරයට ආර්ථික ප්රතිලාභ ලබාදීමේ හැකියාව තිබීම.
3. ව්‍යාපාරයේ පාලනයට යටත්වීම.
මේ අනුව වත්කමක් යනු අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ඇතිවු අනාගතයේදී ව්‍යාපාරයට ආර්ථික ප්රතිලාභ ලබාදීමේ හැකියාව ඇති ව්‍යාපාරයේ පාලනයට යටත් වූ සම්පත් වේ.