ව්‍යාපාරයක හිමිකම යනු කුමක්ද?
යම් නිශ්චිත අවස්ථාවකදී ව්‍යාපාරයක අයිතිකරුවන් වෙනුවෙන් පවතින වත්කම් ප්‍රමාණය හිමිකම ලෙස හැඳින්වේ.
(ව්‍යාපාරයක අයිතිකරු ව්‍යාපාරයට යෙදවූ මුදල් හෝ වෙනයම් වත්කම් වේනම් (ප්රාග්ධනය)ඒවා නැවත ආපසු ලබාගැනීමට අයිතිකරුට හිමිකමක් (අයිතියක්)තිබේ.මෙයට අමතරව ව්‍යාපාරය කරගෙන යාමේදී ලබන ලාභයද අයිතිකරුට ලබාගැනීමට අයිතියක් ඇත නමුත් එයට පෙර ව්‍යාපාරය කරගෙනයමේදී ඇතිවන වෙනත් වගකීම් සියල්ල ගෙවා නිදහස් කලයුතුවේ.එසේ ගෙවා නිදහස් කල පසු තවත් වත්කම් ප්‍රමාණයක් ඉතිරිවෙනම් එය ව්‍යාපාරයේ අයිතිකරුගේ හිමිකම වේ.එනම් ව්‍යාපාරයේ සියලු වත්කම් මුදල් බවට පත් කරගෙන ව්‍යාපාරයේ වගකීම් සියල්ල ගෙවා දැමු පසු අයිතිකරුට ලබාගත හැකි වත්කම් ප්‍රමාණය එම ව්‍යාපාරයේ අයිතිකරුගේ හිමිකමයි.)