ව්‍යාපාරික ගනුදෙනුවක් යනු කුමක්ද ?
ව්‍යාපාරයක් සහ වෙනත් පාර්ශවයක් අතර සිදුවන සම්පත් හුවමාරු කරගැනීම ව්‍යාපාරික ගනුදෙනුවක් ලෙස හැදින්වේ.
අත්පිට මුදලට සිදුවන ගනුදෙනු
ගනුදෙනුව සිදුවන අවස්ථාවේදීම මුදල් ලබාගෙන ව්‍යාපාරය සතු සම්පතක් වෙනත් පාර්ශවයකට ලබාදෙන්නේනම්,හෝ ගනුදෙනුව සිදුවන අවස්ථාවේදීම මුදල් ගෙවා වෙනත් පාර්ශවයක් සතු සම්පතක් ව්‍යාපාරය විසින් ලබගන්නේනම් එය අත්පිට මුදලට සිදුවන ගනුදෙනුවක් ලෙස හැදින්වේ.
ණය ගනුදෙනු
පසුව මුදල් ගෙවීමේ හෝ ලබාගැනීමේ එකගතාවය මත ව්‍යාපාරයක් වෙනත් පාර්ශවයක් සමග සම්පත් හුවමාරුකර ගැනීම සිදුවන්නේනම් එය ණය ගනුදෙනුවක් ලෙස හැදින්වේ.
