ගෙවා නිදහස් කිරීමට අපේක්ෂිත කාලය අනුව වගකීම් වර්ගීකරණය කරන්න
සාමාන්‍යයෙන් ගෙවා නිදහස් කිරීමට අපේක්ෂා කරන කාල සීමාව අනුව වගකීම්, ජංගම හා ජංගම නොවන වගකීම් ලෙස වර්ගීකරණය කෙරේ. සාමාන්‍යයෙන් ඉදිරි මාස 12 හෝ ඊට අඩු කාලයක් තුලදී ගෙවා නිදහස් කිරීමට අපේක්ෂා කරන වගකීම් ජංගම වගකීම් ලෙසත් මාස 12 කින් පසුව ගෙවා නිදහස් කිරීමට අපේක්ෂා කරන වගකීම් ජංගම නොවන වගකීම් ලෙසත් වර්ගීකරණය කෙරේ.
ජංගම වගකීම්:(සාමාන්‍යයෙන් ඉදිරි මාස 12 හෝ ඊට අඩු කාලයක් තුලදී ගෙවා නිදහස් කිරීමට අපේක්ෂා කරන වගකීම්)
උදාහරණ :
- ණය හිමියෝ
- ගෙවිය යුතු වියදම්
- බැංකු ණය මුදලින් ඉදිරි මාස 12 දී ගෙවිය යුතු වාරිකවල වටිනාකම
ජංගම නොවන වගකීම්:(ඉදිරි මාස 12 කින් පසුව ගෙවා නිදහස් කිරීමට අපේක්ෂා කරන වගකීම්)
උදාහරණ :
- බැංකු ණය මුදලින් ඉදිරි මාස 12 ට පසුව ගෙවිය යුතු වාරික වල එකතුව