භාවිතා කිරීමට අපේක්ෂා කරන කාලය පදනම් කරගෙන වත්කම් වර්ගීකරණය කරන්න?
ව්‍යාපාරයක ඇති වත්කම් සාමාන්‍යයෙන් භාවිතා කිරීමට අපේක්ෂා කරන කාලය පදනම් කරගෙන ජංගම වත්කම් හා ජංගම නොවන වත්කම් ලෙස කොටස් දෙකකට බෙදා දැක්වීම සිදුවේ. මේ අනුව සාමාන්‍යයෙන් මාස 12 හෝ ඊට අඩු කාලයකදී භාවිතා කිරීමට අපේක්ෂා කරන වත්කම් ජංගම වත්කම් ලෙසත් මාස 12 ට වඩා වැඩි කාල සීමාවක් තුල භාවිතා කිරීමට අපේක්ෂා කරන වත්කම් ජංගම නොවන වත්කම් ලෙසත් වර්ගීකරණය කෙරේ.
ජංගම වත්කම්:(මාස 12 හෝ ඊට අඩු කාලයකදී භාවිතා කිරීමට අපේක්ෂා කරන වත්කම්)
උදාහරණ :
- මුදල් ශේෂ
- බැංකු ශේෂ
- ණය ගැතියෝ
- තොග
- ඉදිරියට කල වියදම්
- ගෙවූ අත්තිකාරම්
- ආයෝජනය (මාස 12 හෝ ඊට අඩු)
ජංගම නොවන වත්කම්:(මාස 12 ට වඩා වැඩි කාල සීමාවක් තුල භාවිතා කිරීමට අපේක්ෂා කරන වත්කම් )
උදාහරණ :
- ඉඩම් හා ගොඩනැගිලි
- මෝටර් රථ
- පරිඝණක යන්ත්‍ර
- ලී බඩු උපකරණ
- ආයෝජනය (මාස 12 ට වැඩි)
