අභ්‍යාස අංක 03
සිතුම් විසින් ආරම්භ කරන ලද රෙදිපිළි මිලට ගෙන විකිණීම සිදු කරන ව්‍යාපාරයේ 2019 ජනවාරි මාසයේ සිදුවු ගනුදෙනු පහත දැක්වේ. එම එක් එක් ගනුදෙනුව වත්කම් = හිමිකම් + වගකීම් යන ගිණුම්කරණ සමීකරණයට ඇතුලත් කරන්න.
- සිතුම් විසින් මුදලින් රු.200,000 ක් රු.500,000 ක් වටිනා මෝටර් රථයක් හා රු.100,000 ක් වටිනා ගෘහභාණ්ඩ හා උපකරණ තොගයක් ප්රාග්ධනය ලෙස ව්‍යාපාරයට යෙදවීම.
- රු.100,000 ක රෙදිපිළි තොගයක් අත්පිට මුදලට ගැනීම.
- පිරිවැය රු.5000 ක් වු රෙදිපිළි තොගයක් රු.6000 ක අත්පිට මුදලට විකිණීම.
- පිරිවැය රු.10,000 ක් වු රෙදිපිළි තොගයක් රු.12,000 කට ණයට විකිණීම.
- ණයට විකුණු රෙදිපිළි තොගය වෙනුවෙන් ලැබීමට තිබු රු.12,000 ක මුදල ලැබීම.
- මුදලින් රු.20,000 ක් තැන්පත් කර බැංකුවේ ජංගම ගිණුමක් ආරම්භ කිරීම.
- අයිතිකරු පිරිවැය රු.3000 ක් වු රෙදිපිළි තොගයක් පෞද්ගලික ප්‍රයෝජනයට රැගෙන යාම.
- සිතුම්ගේ පෞද්ගලික දුරකථන ගාස්තුව රු.2000 ක් ව්‍යාපාරයේ මුදලින් ගෙවීම.
- රු.20,000 ක රෙදිපිළි තොගයක් ණයට ගැනීම.
- රු.200,000 ක බැංකු ණයක් ලැබීම.
- ව්‍යාපාරයේ කඩ කුලිය මුදලින් ගෙවීම රු.10,000 කි.
