අභ්‍යාස අංක 06
ව්‍යාපාරයක 2019 ජනවාරි මාසයේ 01 දිනට පැවති ගිණුම් ශේෂයන් සහ මාසය තුල ව්‍යාපාරය තුල සිදුවු ගනුදෙනු පහත සඳහන් වේ.
2019-01-01 දිනට ශේෂයන්
මුදල් 100,000
ස්ථාවර තැන්පතු 550,000
තොගය 150,000
ණය ගැතියෝ 60,000
ලැබිය යුතු කුලිය 40,000
ප්රාග්ධනය 400,000
බැංකු ණය 300,000
ණය හිමියෝ 80,000
බැංකු අයිරාව 20,000
ගෙවිය යුතු වියදම 100,000
ඉහත සඳහන් ආරම්භක ශේෂයන් “වත්කම් = හිමිකම්+වගකීම්“ යන ගිණුම්කරණ සමීකරණයට එක් එක් වත්කම් හිමිකම් හා වගකීම් අයිතමය වෙන වෙනම දැක්වෙන සේ ඇතුලත් කරන්න. පහත සඳහන් මාසයේ සිදුවු ගනුදෙනුද එම සමීකරණයට ඇතුලත් කර මාසය අවසානයේ ශේෂයන් ගණනය කරන්න.
- බැංකු අයිරාව පියවීම සඳහා රු.20,000 ක් බැංකුවට තැන්පත් කිරීම.
- රු.30,000 ක භාණ්ඩ අත්පිට මුදලට ගැනීම.
- රු.50,000 ක භාණ්ඩ මිලදීගත් අතර ඉන් රු.25,000 ත් එම අවස්ථාවේදීම මුදල් ගෙවා ඉතිරිය පසුව ගෙවීමට එකඟ වීම.
- පිරිවැය රු.40,000 ක් වු භාණ්ඩ තොගයක් රු.50,000 කට මුදලට විකිණීම.
- පිරිවැය රු.10,000 ක් වු භාණ්ඩ තොගයක් 15,000 කට ණයට විකිණීම.
- රු.20,000 ක බැංකු ණය වාරිකය ගෙවු අතර මේ තුල රු.5000 ක ණය පොලියක් අන්තර්ගත වේ.
- මාසයේ විදුලිබිල රු.5000 ක් ගෙවීම.
- අයිතිකරුගේ භාණ්ඩ ගැනිලි 10,000
- අයිතිකරුගේ පෞද්ගලික ගෙවල් කුලිය රු.10,000 ක් ව්‍යාපාරයේ මුදලින් ගෙවීම.
- ණය ගැතියන්ගෙන් ලැබු මුදල රු.5000
