අභ්‍යාස අංක 07
පහත සඳහන් ගනුදෙනු වත්කම් = හිමිකම් + වගකීම් යන ගිණුම්කරණ සමීකරණයට ඇතුලත් කරන්
- රු.150,000 ක් ප්රාග්ධනය ලෙස යෙදවීම.
- රු.300,000 ක් බැංකු ණය ලෙස ලබා ගැනීම.
- රු.20,000 ක බැංකු ණය වාරිකය ගෙවු අතර මේ තුල රු.2000 ක ණය පොලිය ඇතුලත් වේ.
- මාසයේ කුලී ආදායම රු.15,000 ක් වන අතර මෙයින් රු.10,000 ක් පමණක් මුදලින් ලැබී ඇති අතර ඉතිරි රු.5000 මාසය අවසාන දිනය වන විට ලැබීමට ඇත.
- මාසයේ දුරකථන ගාස්තුව රු.10,000 ක් වන අතර මෙයින් රු.8000 ක් පමණක් මුදලින් ගෙවා ඇත. ඉතිරිය උපචිතව පවතී.
- අත්පිට ගැනුම් රු.50,000 කි.
- ණයට ගැනුම් රු.20,000 කි.
- රු.30,000 ක් පිරිවැය වු භාණ්ඩ තොගයක් රු.40,000 කට අත්පිට මුදලට විකුණන ලදි.
- රු.15,000 ක් පිරිවැය වු භාණ්ඩ තොගයක් රු.20,000 කට ණයට විකුණන ලදි.
- ණය ගැතියන්ගෙන් ලැබු මුදල රු.10,000 කි.
- ණය හිමියන්ට ගෙවු මුදල රු.15,000 කි.
- අයිතිකරුගේ භාණ්ඩ ගැනිලි රු.5000 කි.
- අයිතිකරුගේ මුදල් ගැනිලි රු.10,000 කි.
- අයිතිකරු රු.3000 ක් වු තම පෞද්ගලික දුරකථන ගාස්තුව ව්‍යාපාරයේ මුදලින් ගෙවා ඇත.
- ණය ගැතියෙකුගෙන් ලැබීමට තිබු රු.20,000 ක් අයිතිකරු පෞද්ගලික ප්‍රයෝජනයට එකතු කරගන්නා ලදි.
