අභ්‍යාස අංක 08
ව්‍යාපාරයක 2019 ජනවාරි 01 දිනට ආරම්භක ශේෂයන් සහ 2019 ජනවාරි මාසයේ සිදුවු ගනුදෙනු පහත දැක්වේ.
2019-01-01 දිනට ශේෂයන්
මෝටර් රථ 500,000
භාණ්ඩ තොග 100,000
මුදල් ශේෂය 150,000
ලැබිය යුතු ආදායම් 50,000
ණය ගැතියෝ 200,000
1000,000
ප්රාග්ධනය 550,000
බැංකු ණය 300,000
ණය හිමියෝ 80,000
උපචිත වියදම 20,000
බැංකු අයිරාව 50,000
1000,000
2019 ජනවාරි මාසය තුල පහත සඳහන් ගනුදෙනු සිදුවිය.
- බැංකු අයිරාව පියවීම සඳහා රු.50,000 ක් බැංකුවට තැන්පත් කරන ලදි.
- ව්‍යාපාරය විසින් රු.80,000 ක් වටිනා භාණ්ඩ අත්පිට මුදලට ගන්නා ලදි.
- ව්‍යාපාරයට රු.120,000 ක් වටිනා භාණ්ඩ තොගයක් ණයට ගන්නා ලදි.
- රු.150,000 ක් පිරිවැය වු භාණ්ඩ තොගයක් රු.170,000 කට විකුණන ලද මෙයින් රු.160,000 ක් එම අවස්තාවේදීම ලබාගත් අතර ඉතිරි රු.10,000 පසුව ලබා ගැනීමට එකඟ වන ලදී.
- ලැබිය යුතුව තිබු රු.10,000 ක මුදලින් රු.7000 ක් ලැබුණු අතර ඉතිරි 3000 බොල් ණය ලෙස කපා හරින ලදි.
- ව්‍යාපාර මුදලින් ගෙවු අයිතිකරුගේ පෞද්ගලික ගෙවල් කුලිය රු.20,000 කි.
- මාසික කඩ කුලිය රු.15,000 කි. 2019-01-31 දිනට රු.10,000 ක් පමණක් මුදලින් ගෙවා ඇති අතර ඉතිරිය ගෙවිය යුතුව ඇත.
- මාසික විදුලි ගාස්තුව රු.10,000 කි. මෙයින් 8000 ක් පමණක් 2019-01-31 දින වන විට මුදලින් ගෙවා ඇත. ඉතිරි රු.2000 උපචිතව පවතී.
- මාසයේ පොළී ආදායම 15,000 කි. 2019-01-31 දිනය වන විට මෙයින් රු.10,000 ක් පමණක් ලැබී තිබු අතර ඉතිරිය ලැබිය යුතුව ඇත.
- ලැබිය යුතුව තිබු ආදායම් වලින් රු.20,000 ක් මුදලින් ලැබිනි.
ඉහත ආරම්භක ශේෂ හා ගනුදෙනු ගිණුම්කරණ සමීකරණයක ඇතුලත් කර 2019-01-31 දිනට ව්‍යාපාරයේ වත්කම්, වගකීම් හා හිමිකම් වල තත්වය ගණනය කරන්න.( වත්කම්, වගකීම් හා හිමිකම් අයිතම වෙන වෙනම දැක්වෙන සේ ගිණුම්කරණ සමීකරණයක් භාවිතා කරන්න.)
