අභ්‍යාස අංක 09
පහත සඳහන් ගනුදෙනු වත්කම් = හිමිකම් + වගකීම් යන ගිණුම්කරණ සමීකරණයට ඇතුලත් කරන්න.
- රු.20,000 ක ණය මුදල සම්පූර්ණයෙන්ම පියවීම සඳහා රු.18,000 ක් ලබාගත් අතර දුන් වට්ටම රු.2000 කි
- රු.30,000 ක් ණය මුදල සම්පූර්ණයෙන්ම පියවීම සඳහා ගෙවු මුදල රු.27,000 කි. ලද වට්ටම රු.3000 කි
- රු.40,000 ක ලකුණු කල මිලක් සහිත භාණ්ඩ තොගයක් 5% ක වෙළඳ වට්ටමකට යටත්ව අත්පිට මුදලට විකුණන ලදි.
- රු.50,000 ක ලකුණු කල මිලක් සහිතවු භාණ්ඩ තොගයක් 10% ක වෙළඳ වට්ටමක් ලබාදී ණයට විකුණන ලදි. මෙම බඩුවල පිරිවැය රු.35,000 ක් විය.
- රු.60,000 ක ලකුණු කල මිලක් සහිත භාණ්ඩ තොගයක් 10% ක වෙළඳ වට්ටමක් ලැබීම නිසා අත්පිට මුදලට ගන්නා ලදි.
