අභ්‍යාස අංක 13
ව්‍යාපාරයක 2019 ජනවාරි මාසයේ සිදුවු ගනුදෙනු පහත දැක්වේ. මෙම ගනුදෙනු ගිණුම්කරණ සමීකරණයට ඇතුලත් කරන්න.
- ව්‍යාපාරයට රු.200,000 ක බැංකු ණයක් මුදලින් ලැබීම.
- ව්‍යාපාරයට අනුමත වු රු.100,000 ක බැංකු ණය මුදල ව්‍යාපාරයේ බැංකු ගිණුමට ලැබීම.
- ව්‍යාපාරයේ බැංකු ණය වාරිකය වනරු.15,000 ක් ගෙවු අතර මේතුල රු.2500 ක ණය පොලියක් ඇතුලත් වේ.
- ව්‍යාපාරය රු.100,000 ක් ස්ථාවර තැන්පතුවක ආයෝජනය කිරීම.
- ස්ථාවර තැන්පතු පොලී ආදායම ලැබීම රු.3000 කි.
- ව්‍යාපාරයේ ගොඩනැගිල්ලකින් කොටසක් කුලියට දීමෙන් ජනවාරි මාසයට අදාල රු.15,000 ක කුලී ආදායමින් රු.10,000 ක් මුදලින් ලද අතර රු.5000 ක් 2019-01-31 දිනය වන විට ලැබිය යුතුව ඇත.
- ජනවාරි මාසයේ දුරකථන ගාස්තු රු.8000 ක් මුදලින් ගෙවීම.
- ව්‍යාපාරයේ 2019 ජනවාරි මාසයේ විදුලිය වියදම රු.10,000 කි. මෙයින් රු.7000 ක් පමණක් මුදලින් ගෙවා ඇති අතර 2019-01-31 දිනට රු.3000 ක් ගෙවිය යුතුව ඇත.
- අයිතිකරුගේ පෞද්ගලික දුරකථන ගාස්තු රු.4000 ව්‍යාපාරයේ මුදලින් ගෙවීම.
- අයිතිකරු සතු රු.50,000 ක් වටිනා පරිඝණක යන්ත්‍රය ප්රාග්ධනය ලෙස ව්‍යාපාරයට ගෙන ඒම
