අභ්‍යාස අංක 14
කුසල් විසින් ආරම්භ කරන ලද ජංගම දුරකථන අලුත්වැඩියා කිරීමේ ව්‍යාපාරයේ 2019 ජනවාරි මාසයේ පහත සඳහන් ගනුදෙනු සිදුවිය.
- කුසල් රු.300,000 ක් ප්රාග්ධනය ලෙස යෙදවීම.
- රු.100,000 ක බැංකු ණයක් ලබා ගැනීම.
- රු.50,000 ක් ස්ථාවර තැන්පත් ගිණුමක ආයෝජනය කිරීම.
- දුරකථන අලුත්වැඩියාවෙන් රු.20,000 ක ආදායමක් ලැබීම.
- ව්‍යාපාරයේ මාසයේ කඩ කුලිය රු.5000 ක් මුදලින් ගෙවීම.
- කුසල් ව්‍යාපාරයෙන් රු.8000 ක් පෞද්ගලික ප්‍රයෝජනයට ගැනීම.
- රු.50,000 ක් ගෙවා උපකරණ මිලදී ගැනීම.
- රු.3000 ක මාසයේ විදුලිය වියදම ගෙවීම.
- අමතර ප්රාග්ධනය ලෙස ව්‍යාපාරයට රු.50,000 ක් යෙදවීම.
- රු.15,000 ක බැංකු ණය පියවීම.
ඉහත ගනුදෙනු ගිණුම්කරණ සමීකරණයට ඇතුලත් කර මාසය අවසානයේ ව්‍යාපාරයේ වත්කම්, වගකීම් හා හිමිකම් ගණනය කරන්න.
