ගිණුම්කරණ සමීකරණය යනු කුමක්ද ?
ගිණුම්කරණ සමීකරණ යන්නෙන් අදහස් වන්නේ යම් නිශ්චිත අවස්තාවකදී ව්‍යාපාරය සතු වත්කම හා එම වත්කම්වල හිමිකාරීත්වය සමීකරණයක් ආශ්රයෙන් දැක්වීමයි.
ව්‍යාපාරයක් ආරම්භක අවස්ථාවේදීම (වෙනත් ගනුදෙනු සිදුවීමට පෙර)එහි මුළු වත්කම් ප්‍රමාණයම අයිතිකරුගේ හිමිකම නියෝජනය කරන නිසා ව්‍යාපාරයක් ආරම්භක අවස්ථාවේදී ගිණුම්කරණ සමීකරණය පහත සදහන් ලෙස දැක්විය හැක
| වත්කම් = හිමිකම් |
ව්‍යාපාරයක සමස්ත වගකීම ගෙවිය යුත්තේ කාටද යන්න අනුව ප්‍රධාන කොටස් 2 ට වෙන්කර හදුනාගත හැක
එනම්
1.ව්‍යාපාරය විසින් එහි අයිතිකරුට ගෙවා නිදහස් කිරීමට ඇති වගකීම(අයිතිකරුගේ හිමිකම)
2.ව්‍යාපාරය විසින් වෙනත් භාහිර පාර්ශවයන්ට ගෙවා නිදහස් කිරීමට ඇති වගකීම(භාහිර වගකීම්)
ඒ අනුව ගිණුම්කරණ සමිකරණයේ වගකීම් යන කොටස අනු කොටස් 2 කට වෙන්කර පහත සදහන් පරිදි නැවත ලිවිය හැක
| වත්කම් = හිමිකම්+භාහිර වගකීම් |
