පොදු ජ’නලයක සටහන්වන ගනුදෙනු සදහා උදාහරණ?
- වෙළද නොවන ණයට ගැනුම්
වෙළද නොවන ණයට ගැනුම් සඳහා උදාහරණ ලෙස
- ලිපි ද්‍රව්‍ය මිලට ගෙන විකිණීම කරන ව්‍යාපාරයක් එහි භාවිතය සදහා ගෘහ භාණ්ඩ ණයට ගැනීම.
- ගෘහ භාණ්ඩ මිලදී ගෙන විකිණීම කරන ව්‍යාපාරයක් එහි භාවිතය සදහා ලිපිද්රව්යණයට ගැනීම.
- ගෘහ භාණ්ඩ මිලදී ගෙන විකිණීම කරන ව්‍යාපාරයක් විකිණීමේ චේතනාවෙන් තොරව ව්‍යාපාරයේ භාවිතය සදහා ගෘහ භාණ්ඩ ණයට ගැනීමයනාදී ගනුදෙනු දැක්විය හැක.
2.වෙළද නොවන ණයට විකුණුම්
වෙළද නොවන ණයට විකුණුම් සඳහා උදාහරණ ලෙස
- මෝටර් රථ මිලදී ගෙන විකිණීමේ නිරතව සිටින ව්‍යාපාරයක් එයට අයිති ඉඩමක් ණයට විකිණීම.
- ඉඩම් හා ගොඩනැගිලි විකිණීමේ යෙදී සිටින සමාගමක් එහි භාවිතා කල මෝටර් රථයක් ණයට විකිණීම
- මෝටර් රථ මිලදී ගෙන විකිණීමේ නිරතව සිටින ව්‍යාපාරයක් එහි භාවිතා කල මෝටර් රථයක් ණයට විකිණීම ව්‍යාපාරයක් යනාදි ගනුදෙනු දැක්විය හැක.
3.ගැලපුම් සටහන්
- ව්‍යාපාරයක මාසයට අදාල දුරකථන වියදම රු. 5000 කි. මෙය මුදලින් ගෙවා නොමැති නමුත් ගිණුම් වර්ෂය අවසානයේ මුල්‍ය ප්‍රකාශන සකස් කිරීමේදී මෙම වියදමද ඇතුලත් කල යුතුය. එවැනි අවස්ථාවක පොදු ජ නලය හරහා ගැලපුම් සටහනක් තැබීම දැක්විය හැක.
4.වැරදි නිවැරදි කිරීමේ සටහන්
- ව්‍යාපාරයක දුරකථන ගාස්තු රු. 5000 ක් වැරදීමකින් විදුලිය වියදම් ගිණුමට ඇතුලත් වී ඇත. එවැනි විටක පොදු ජ නලය හරහා වැරදි නිවැරදි කිරීමේ සටහනක් තැබීමෙන් වැරදි නිවැරදි කිරීම දැක්විය හැක.
5. මුදලින් මැනිය හැකි සිදුවීම්.
- උදාහරණයක් ලෙස ව්‍යාපාරයකට අයකර ගැනීමට තිබු ණය මුදලක් අයකර ගැනීමට නොහැකි බව විස්වාසවන්ත ලෙස තහවුරු වීම නිසා එම මුදල බෝල් ණය ලෙස කපාහැරීමට තීරණය කිරීම දැක්විය හැක
