අභ්‍යාස අංක 01
පහත සඳහන් ගනුදෙනු බැංකු ගිණුමක සටහන් කර 2019-01-31 දිනට ව්‍යාපාරයේ බැංකු ශේෂය ගණනය කරන්න.
- 2019-01-01 දිනට බැංකුවේ ඇති මුදල් ශේෂය 35000 කි.
- 2019-01-02 රු. 20,000 ක් බැංකුවට මුදල් තැන්පත් කිරීම.
- 2019-01-05 අත්පිට විකුණුම් වලින් ලද රු. 10,000 ක චෙක් පත්‍රය එම අවස්තාවේදීම බැංකුවට තැන්පත් කිරීම.
- 2019-01-10 ණය ගැති B සෘජුවම බැංකුවට තැන්පත් කල මුදල රු. 5000 කි.
- 2019-01-15 දින ණය ගැති C ලද රු. 7000 ක චෙක් පත්‍රය එම අවස්තාවේදීම බැංකුවට තැන්පත් කිරීම.
- 2019-01-20 දින ණය ගැතියෙකුගෙන් ලැබී තිබු 5000 ක චෙක් පත්‍රය බැංකුවට තැන්පත් කිරීම.
- 2019-01-22 විදුලිය වියදම් චෙක් පත්‍රයකින් ගෙවීම චෙක් පත් අංකය 166730 රු. 7500.
- 2019-01-28 දුරකථන ගාස්තු ගෙවීම චෙක් පත් අංක 166731 රු. 4000/= කි.
- 2019-01-30 ජංගම ගිණුමෙන් මුදල් ලබා ගැනීම චෙක් පත් අංක 166732 රු. 6000 කි.