අභ්‍යාස අංක 03
ව්‍යාපාරයක බැංකු ගිණුමේ 2019-01-01 දිනට ශේෂය රු. 24000 කි. 2019 ජනවාරි මාසය තුල පහත සඳහන් ගනුදෙනු සිදුවිය. මෙම ගනුදෙනු බැංකු ගිණුමක සටහන් කර 2019-01-31 දිනට බැංකුවේ ඇති මුදල් ශේෂය ගණනය කරන්න.
- 2019-01-02 බැංකු ගිණුමට තැන්පත් කල මුදල රු. 30,000
- 2019-01-05 ණය ගැතියෙකුගේ රු. 8000 ක් වූ ණය මුදල පියවා ගැනීමට රු. 7500 ක චෙක් පත්‍රයක් ලද අතර එම චෙක් පත්‍රය එම අවස්තාවේදීම බැංකුවට තැන්පත් කරන ලදි. දුන් වට්ටම රු. 500 කි.
- 2019-01-06 අත්පිට විකුණුම් වලින් ලද රු. 12000 ක චෙක් පත්‍රය එම අවස්තාවේදීම බැංකුවට තැන්පත් කරන ලදි.
- 2019-01-10 ණය හිමියකුගේ රු. 10,000 ක ණය මුදල සම්පූර්ණයෙන්ම පියවීම සඳහා චෙක්පත් අංක 282683 රු. 9000 ක වටිනාකමට නිකුත් කරන ලදි. ලද වට්ටම 1000 කි.
- 2019-01-12 විදුලි බිල්පත් චෙක් පත්‍රයකින් ගෙවීම චෙක්පත් අංකය 282684 රු. 5000 කි.
- 2019-01-20 දුරකථන ගාස්තු සඳහා 282685 චෙක් පත්‍රය රු. 8000 කට නිකුත් කරන ලදි.
- 2019-01-25 ණය ගැතියෙකු සෘජුවම බැංකු ගිණුමට තැන්පත් කල චෙක් පත්‍රයේ වටිනාකම රු. 15000 කි.
- 2019-01-30 ස්ථාවර නියෝග මත ගෙවු රක්ෂණ වාරිකය රු. 2000 කි