අභ්‍යාස අංක 04
ව්‍යාපාරයක 2019 ජනවාරි මාසයේ සිදුවු ගනුදෙනු පහත දැක්වේ.
- 2019-01-05 රු. 50,000 ක් තැන්පත් කරමින් බැංකු ජංගම ගිණුමක් ආරම්භ කිරීම
- 2019-01-07 ණය ගැතියෙකු සිය රු. 10,000 ක ණය මුදල සම්පූර්ණයෙන්ම පියවීම සඳහා රු. 9500 ක චෙක් පත්‍රයක් ලබාදුන් අතර එම චෙක් පත්‍රය එම අවස්තාවේදීම බැංකුගත කෙරිණි.
- 2019-01-10 ණය හිමියෙකුගේ රු. 5000 ක ණය මුදල සම්පූර්යෙන්ම පියවීම සඳහා චෙක්පත් අංක 101201 රු. 4500 ක් වටිනාකමට නිකුත් කර ඇත. ලද වට්ටම් රු. 500 කි.
- 2019-01-20 අත්පිට විකුණුම් වලින් ලද රු. 8000 ක චෙක් පත්‍රය එදිනම බැංකුගත කරන ලදි.
- 2019-01-25 චෙක්පත් අංක 101202 රු. 12000 ක වැටුප් ගෙවීම සඳහා නිකුත් කරන ලදි.
- 2019-01-30 චෙක් පත් අංක 101203 නිකුත් කරමින් 2000 ක විදුලි බිල් පත්‍රය ගෙවීම.
- 2019-01-31 චෙක් පත් අංක 101204 මගින් රු. 10,000 ක මුදල් ව්‍යාපාරයේ භාවිතය සඳහා ලබා ගන්නා ලදි.
ඔබ විසින් 2019 ජනවාරි මාසය සඳහා බැංකු ගිණුම සකස් කර 2019-01-31 දිනට බැංකු ගිණුම් ශේෂය ගණනය කරන්න.