අභ්‍යාස අංක 05
ව්‍යාපාරයක 2019-01-01 මුදල් ශේෂය රු. 65,000 ක් වූ අතර බැංකු ගිණුමේ ශේෂය රු. 80,000 ක් විය. ජනවාරි මාසය තුල සිදුවු ගනුදෙනු පහත දැක්වේ.
- 2019-01-02 මුදලින් රු. 15000 ක් බැංකුවට තැන්පත් කිරීම.
- 2019-01-05 රු. 10,000 ක ණය පියවීම සඳහා රු. 1000 ක වට්ටම් අඩු කිරීමෙන් පසු රු. 9000 ක චෙක් පත්‍රයක් පියල්ගෙන් ලැබීම.
- 2019-01-07 අත්පිට විකුණුම් වලින් රු. 12,000 ක චෙක් පත්‍රයක් ලැබීම.
- 2019-01-08 පියල්ගෙන් ලැබුනු චෙක්පත්රය බැංකුවට තැන්පත් කිරීම.
- 2019-01-09 පියල්ගෙන් ලැබී බැංකුවට තැම්පත් කල චෙක් පත්‍රය අගරු වීම
- 2019-01-10 අත්පිට විකුණුම් වලින් ලද රු. 12,000 ක චෙක් පත්‍රය බැංකුවට තැන්පත් කිරීම.
- 2019-01-15 චෙක් පත් අංක 221365 දරණ චෙක් පත්‍රය මගින් බැංකු ගිණුමෙන් රු. 20,000 ක මුදලක් ලබා ගැනීම.
- 2019-01-16 ණය ගැති සුධීරගේ රු. 5000 ක ණය මුදල සම්පූර්ණයෙන්ම පියවීම සඳහා රු. 4500 ක චෙක් පත්‍රයක් ලබා ගැනීම.
- 2019-01-17 ණය ගැති නිමාලි විසින් රු. 7000 ක ණය සම්පූර්ණයෙන් පියවීම සඳහා 10% ක වට්ටමකට යටත්ව රු. 6300 ක් සෘජුවම බැංකුවට තැන්පත් කර තිබීම.
- 2019-01-25 සුධීරගෙන් ලද රු. 4500 ක චෙක් පත්‍රය බැංකුවට තැන්පත් කිරීම.
- 2019-01-30 අත්පිට විකුණුම් වලින් ලැබුණු රු. 8000 ක චෙක් පත්‍රය එදිනම බැංකුවට තැම්පත් කිරීම.
- 2019-01-30 චෙක් පත් අංක 221366 දරණ චෙක් පත්‍රය මගින් රු. 5000 ක විදුලිය ගාස්තු ගෙවීම
- 2019-01-31 චෙක් පත් අංක 221366 දරණ චෙක් පත්‍රය අගරු වීම
ඉහත ගනුදෙනු මුදල් පොතක හා බැංකු ගිණුමක සටහන් කර 2019-01-31 දිනට ශේෂයන් ගණනය කරන්න.