බැංකු ජංගම ගිණුමක ලැබීම් සහ ගෙවීම්
ලැබීම්
- ව්‍යාපාරිකයා විසින් බැංකුවට මුදල් තැන්පත් කිරීම
- ව්‍යාපාරිකයා විසින් බැංකුවට චෙක් පත් තැන්පත් කිරීම
- ව්‍යාපාරයට මුදල් ගෙවීමට ඇති පාර්ෂවයන් විසින් ව්‍යාපාරයේ බැංකු ගිණුමට සෘජුවම මුදල් හෝ චෙක්පත් තැන්පත් කිරීම (සෘජු ප්‍රේශණ)
- බැංකු ණය මුදල් බැංකු ගිණුමට තැම්පත් කිරීම
ගෙවීම්
- ව්‍යාපාරිකයා විසින් ගෙවීම් කිරීම සඳහා නිකුත් කරන චෙක් පත්‍ර
- ව්‍යාපාරයේ මුදල් අවශ්‍යතාවයන් සඳහා බැංකු ජංගම ගිණුමේ ඇති මුදල් ශේෂයෙන් චෙක්පත්ර ලිවීම මගින් මුදල් ලබා ගැනීම
- ස්ථාවර නියෝග ගෙවීම්
යම් නිශ්චිත මුදලක් යම් නිශ්චිත දිනයකදී යම් නිශ්චිත ආයතනයකට හෝ පුද්ගලයකුට ගෙවන ලෙස බැංකු ගිණුමේ හිමිකරු විසින් බැංකුවට කලින් දී ඇති නියෝගය අනුව බැංකුව විසින් සිදුකරන ගෙවීම්
- බැංකුව අයකරන බැංකු ගාස්තු
ව්‍යාපාරිකයාට බැංකුව විසින් ලබාදෙන යම් යම් සේවා සඳහා බැංකුව විසින් අය කරන බැංකු ගාස්තු