ගනුදෙනු බැංකු සැසඳුම් ප්රකාශනය තුල අඩුකල යුතුද? එකතු කල යුතුද යන්න තීරණය කරන්නේ කෙසේද?
ඕනෑම සැසඳුම් ප්රකාශනයක් සකස් කිරීමේදී යම් අගයක් එකතු කල යුතුද නැතහොත් අඩුකල යුතුද යන්න තීරණය වන්නේ අප වෙත ඇති ශේෂය සහ අප ලගාවීමට අපේක්ෂා කරන්නේ කුමන ශේෂයටද යන කරුණ මත වේ .සාමාන්‍ය පෙළ බැංකු සැසඳුම් අභ්‍යාසයේදී සෑමවිටම අප වෙත ඇති ශේෂය ලෙස සංශෝධිත මුදල් පොතට අනුව ශේෂය සැලකේ.
ගෙවීමට චෙක්පත් නිකුත් කලවිට එම ගෙවීම බැංකු ගිණුමේ ශේෂයෙන් දැනටමත් අඩුවී තිබේ. නමුත් මෙම ගෙවීම බැංකුවට ඉදිරිපත් වී නොමැති නිසා බැංකුවේ ඇති ශේෂය වැඩි අගයක් පෙන්නුම් කරයි. එම නිසා වැඩි අගයක් ගන්නා ශේෂය වෙත ලගාවීමට නිකුත් කල නමුත් බැංකුවට ඉදිරිපත් නොකල චෙක් පත් අප වෙත ඇති ශේෂයට නැවත එකතු කල යුතු වේ.
චෙක් පත්‍රයක් බැංකුවට තැම්පත් කරන අවස්ථාවේදීම බැංකු ගිණුමට හර කිරීමෙන් අප වෙත ඇති ශේෂයට එම වටිනාකම එකතු වී තිබේ. නමුත් එය නිශ්කාෂණය වී නොමැති නිසා අප ලගාවීමට අපේක්ෂිත ශේෂය වන බැංකු ප්රකාශනයට අනුව බැංකු ශේෂයට මේ දක්වා තැම්පතුව එකතු වි නැත. එම නිසා අප ලගාවීමට අපේක්ෂිත ශේෂය අඩු අගයක් ගනී. එම නිසා ඒ වෙත ලගාවීමට තැම්පත් කලත් නිශ්කාෂණය නොවූ චෙක්පත් වල වටිනාකම අප වෙත ඇති ශේෂය වන සංශෝධිත බැංකු ගිණුමට අනුවට ශේෂයෙන් අඩු කල යුතුය.