ශේෂයන් අසමාන වීමට හේතු
- බැංකු ප්රකාශනයේ සටහන්ව ඇති නමුත් බැංකු ගිණුමේ සටහන් වී නැති ගනුදෙනු
(මේවාබොහෝ විට ව්‍යාපාරයේ බැංකු ගිණුම සකස් කිරීමේදී සිදුවූ වැරදි හෝ අත් හැරීම් වේ.මෙම වැරදි හෝ අත්හැරීම් හදුනාගත් පසු එවා ව්‍යාපාරයේ බැංකු ගිණුමේ සටහන් කරමින් බැංකු ගිණුම සංශෝදනය කල යුතු වේ)
උදාහරණ :-
- සෘජු ප්‍රේශණ ලැබීම් බැංකු ගිණුමේ සටහන් නොවීම
සමහර අවස්තාවලදී ව්‍යාපාරයේ ණය ගැතියෙකු සෘජුවම ව්‍යාපාරයේ බැංකු ගිණුමට මුදල් තැම්පත් කර ඒ බව ව්‍යාපාරයට දැනුම් දී නොමැති නම් බැංකු ප්රකාශනය ලැබෙන තුරු ව්‍යාපාරය ඒ පිළිබදව නොදන්නා නිසා එම සටහන මගහැරීම සිදුවිය හැක.
- ස්ථාවර නියෝග මත ගෙවීම්
සමහර අවස්ථාවල යම් මුදලක් යම් නිශ්චිත පාර්ශවයකට යම් නිශ්චිත දිනයකදී ගෙවන ලෙස බැංකුවෙන් ලිඛිත ඉල්ලීමක් ව්‍යාපාරය විසින් කර තිබිය හැක. බැංකුව එම ගෙවීම නියමිත දිනයට කලද ව්‍යාපාරය බැංකු ගිණුමේ ගනුදෙනුව ඇතුලත් කිරීමට ව්‍යාපාරයේ ගිණුම් අංශයට අතපසු වීමට ඉඩ ඇත.
- බැංකුව විසින් අයකල ගාස්තු
බැංකුව අයකල බැංකු ගාස්තු බොහෝ විට ව්‍යාපාරයට දැනගැනීමට ලැබෙන්නේ මාසික බැංකු ප්රකාශනය ලැබීමෙන් පසු වීම නිසා මෙම සටහන ව්‍යාපාරයේ පොත්වල මගහැරීමට ඉඩ ඇත.
2.ව්‍යාපාරයේ බැංකු ගිණුමේ සටහන් වී ඇති නමුත් බැංකු ප්රකාශනයේ සටහන් වී නොමැති ගනුදෙනු
උදාහරණ :-
- නිකුත් කල නමුත් ගෙවීමට ඉදිරිපත් නොවූ චෙක්පත්
යම් ගෙවීමක් පියවීමට චෙක් පත්‍රයක් නිකුත් කල විට සාමාන්‍යයෙන් ව්‍යාපාරය එම අවස්ථාවේම එය බැංකු ගිණුමේ බැර පැත්තේ සටහන් කරනු ලබයි. නමුත් මෙම ගෙවීම චෙක් පත්‍රය ලබාගත් පුද්ගලයා හෝ ආයතනය එම ගෙවීමට මුදල් ලබාගැනීම සඳහා චෙක් පත්‍රය අපගේ ව්‍යාපාරයේ බැංකුවට මාසය අවසාන දිනය වන විටත් ඉදිරපත් කර නැතිනම් එම ගෙවීම බැංකු ප්රකාශනයේ සඳහන් නොවේ.මෙම ගෙවීම සමාන්‍යයෙන් ඉදිරි මාසයේ බැංකුට ඉදිරිපත් වන නිසා ඒ දක්වා නිකුත් කලත් ඉදිරිපත් නොවූ චෙක් පත් බැංකු සැසඳුම් ප්රකාශනයේ සඳහන් කර තබා ගත යුතු වේ.
- තැම්පත් කලත් නිශ්කාෂණය නොවූ චෙක් පත්
යම් චෙක් පත්‍රයක් බැංකුවට තැම්පත් කල වහාම එය ව්‍යාපාරය විසින් බැංකු ගිණුමේ හර පැත්තේ සටහන් කර බැංකුවේ ඇති මුදල් ශේෂයට එකතු කරනු ලබයි.නමුත් මෙම චෙක් පත්‍රය අපගේ බැංකු ගිණුමට තැම්පත් කල පසු එයට මුදල් ලබාගෙන අපගේ ගිණුමෙ ශේෂයට එකතු කිරීමට බැංකුවට දින කිහිපයක් ගතවීමට හැකිය. එවැනි අවස්ථාවක බැංකු ගිණුමේ සටහන් සමහර චෙක් තැම්පතු බැංකුවේ ප්රකාශනයේ සටහන් නොවිය හැකිය. මේ නිසා තැම්පත් කලත් නිශ්කාෂණය නොවූ චෙක් පත් බැංකු සැසඳුම් ප්රකාශනයේ සටහන් කර තබාගත යුතුවේ.