බැංකු ප්රකාශනය සහ බැංකු සැසඳුම් ප්රකාශනය
බැංකුවක් සමග ජංගම ගිණුම් පවත්වාගෙන යන ව්‍යාපාරිකයන්ට සාමාන්‍යෙයන් මාසිකව බැංකුව විසින් එම මාසයේ බැංකුව සමග සිදුකල ගනුදෙනු ඇතුලත් කරමින් එවනු ලබන ප්රකාශනය බැංකු ප්රකාශනය (Bank Statement)ලෙස හදුන්වනු ලැබේ.
ප්‍රායෝගිකව ව්‍යාපාර වලට තම අවශ්‍යතාවය අනුව බැංකු ප්‍රකාශන දෛනිකව, සතිපතා හෝ ඕනෑම කාලයකට වරක් එවන ලෙස බැංකුවට ඉල්ලීම් කල හැක. වර්තමානයේ අන්තර්ජාල පහසුකම් භාවිතා කරමින් ව්‍යාපාරවලට ඕනෑම අවස්ථාවක තම බැංකු ප්‍රකාශන ලබාගැනීමේ පහසුකම් බැංකු විසින් සපයා ඇත
ව්‍යාපාරයේ බැංකු ගිණුමේ අවසාන ශේෂය එම කාල පරිච්ජේදයට අදාලව බැංකුව විසින් එවනු ලබන බැංකු ප්රකාශනයේ දැක්වෙන අවසාන ශේෂය සමග සමාන නොවන අවස්ථාවක එම ශේෂයන් අසමාන වීමට හේතු සොයා බලා එම හේතු ඇතුලත් කරමින් බැංකු ගිණුමට අනුව බැංකු ශේෂය සහ බැංකු ප්රකාශනයට අනුව බැංකු ශේෂය එකඟ කර පෙන්වීම සදහා සකස්කරනු ලබන ප්රකාශනය බැංකු සැසඳුම් ප්රකාශනය ලෙස හැදින්වේ.