අභ්‍යස අංක 08
පහත සඳහන් ගනුදෙනු වට්ටම් තීරු සහිත මුදල් පොතක ඇතුලත් කරන්න.2019-01-10දිනට මුදල් ශේෂය ගණනය කරන්න. දුන්ව ට්ටම් සහ ලද වට්ටම් තීරු වල එකතුව ගණනය කරන්න.
- 2019-01-01 – මුදල් භාරකරු අත වූ ශේෂය රු.20,000
- 2019-01-02 – අත්පිට විකුණුම් රු.12000
- 2019-01-03 -අත්පිට මුදලට ගැනුම් රු.8000
- 2019-01-04 -සුපුන්ගේ රු.1000ක ණය මුදල පියවීම සදහා 10%ක වට්ටමක් ලබා දී රු.900ක් ලබාගැනීම.
- 2019-01-05 -කුමාරට ගෙවිය යුතු රු.5000ක ණය මුදල සම්පූර්ණයෙන්ම පියවීම සදහා රු.4500ක් ගෙවීම.
- 2019-01-06 -රු.2000ක ලකුණු කල මිලක් සහිත භාණ්ඩ තොගයක් රු.200ක වට්ටමක් ලබාදීරු.1800කට අත්පිට මුලට විකිණිම.
- 2019-01-07 -රු.3000ක ලකුණු කල මිලක් සහිත භාණ්ඩ තොගයක් අත්පිට මුදලට මිලදී ගැනීමේදීරු.300ක ව්ටටමක් ලැබුණි.
- 2019-01-08 -මහේන්ද්‍ර සහ සමාගමට 10%ක වට්ටමකට යටත්ව රු.10,000ක ණය මුදල
සම්පූර්ණයෙන්ම පියවා දැමීම.
- 2019-01-09 – 10%ක වට්ටමකට යටත්ව ණයගැති දසුන් රු.15,000ක ණය මුදල සම්පූර්ණයෙන්ම
පියවා දමන ලදී.
- 2019-01-10 -ලකුණු කල මිල රු.2000ක් වූ ලිපි ද්‍රව්‍ය තොගයක් අත්පිට මුදලට ගැනීමේදී 10%ක
වට්ටමක් ලැබුණි.