අභ්‍යාස අංක 09
පහත සඳහන් ගනුදෙනු වට්ටම් තීරු සහිත මුදල් පොතක ඇතුලත් කර මුදල් ශේෂය ගණනය කරන්න.
- 2019-01-01 -දිනට මුදල් ශේෂය රු.40,000කි.
- 2019-01-02 -ලකුණු කල මිල රු.25000ක් වූ භාණ්ඩ තොගයක් රු.22,500කට අත්පිට මුදලටවිකිණීම.
- 2019-01-03 -ලකුණු කල මිල රු.30,000ක් වූ භාණ්ඩ තොගයක් රු.27,000කට අත්පිට මුදලටගැනීම.
- 2019-01-04 -රු.50,000ක් වූ භාණ්ඩ අත්පිට මුදට විකිණීම.
- 2019-01-05 -රු.35000ක් වූ පරිඝණකයක් ව්‍යපාරයේ භාවිතය සදහා මිලට ගත් අතර මෙහිදීරු.2000ක් වට්ටම් ලෙස ලැබුණු නිසා ගෙවිය යුතු වූයේ 33000ක් පමණි.
- 2019-01-06 -ණය ගැතියෙකුගේ රු.5000ක ණය මුදල සම්පූර්ණයෙන්ම පියවීම සදහා
රු.4000ක් ලබා ගන්නා ලදී.
- 2019-01-07 -රු.8000ක ණය මුදල සම්පූර්ණයෙන්ම පියවීම සදහා රු.7200ක් ගෙවීම.
- 2019-01-08 -අත්පිට ගැනුම් රු.5000
- 2019-01-09 -අත්පිට විකිණීම් 10,000
- 2019-01-10 -කසුන්ට ගෙවූ මුදල් 12,500කි.ලද වට්ටම් 2500.
- 2019-01-10 -සුපුන්ගෙන් ලද මුදල 9000කි.දුන් වට්ටම් රු.1000.