අභ්‍යාස අංක 10
පහත සඳහන් ගනුදෙනු මුදල් පොතක ඇතුලත් කර මුදල් ශේෂය ගණනය කරන්න.
- 2019-01-01 -ව්‍යාපාරයේ මුදල් ශේෂය – මුදල් 35000
-චෙක්පත් 25000
- 2019-01-05 -ගනුදෙනු කරුවෙකුගෙන් ලැබී තිබූ රු25000ක චෙක් පත්‍රය බැංකුවට
තැම්පත් කරන ලදී.
- 2019-01-07 -අත්පිට විකුණුම් වලින් රු.40,000ක හා රු.20,000ක චෙක්පත් ලැබුණු අතර
රු.20,000 චෙක් පත්‍රය එම අවස්ථාවේදීම බැංකු ගත කරන ලදී.
- 2019-01-10 -අත්පිට විකුණුම් වලින් ලැබී තිබූ රු.40,000ක චෙක් පත්‍රය බැංකුවට තැන්පත්
කරන ලදී.
- 2019-01-15 -රු.10,000ක ණය හිමියෙකුට රු.9000ක් ගෙවූ අතර රු.1000ක් වට්ටම් ලෙස
ලැබුණි.
- 2019-01-20 -රු.10
- ,000ක ණය පියවීම සදහා ණය ගැතියෙකු විසින් රු.9500ක චෙක්
පත්‍රයක් ලබා දෙන ලදී.මෙම චෙක් පත්‍රය 2019-01-28 දින බැංකුවට තැම්පත්
කරන ලදී.
- 2019-01-29 -රු.2000ක වෙළද වට්ටමකට යටත්ව රු.20,000ක ලකුණු කල මිලක් සඳහන්
වූ භාණ්ඩ තොගයක් රු.18,000ක් ගෙවා මිලදී ගන්නා ලදී.
- 2019-01-30 -කඩ කුලී ගෙවීමට රු.2000කි.
- 2019-01-30 -රු.8000ක කුලී ආදායම චෙක් පත්‍රයකින් ලද අතර එම චෙක් පත්‍රය
2019-01-31 දින බැංකුවට තැම්පත් කරන ලදී.
- 2019-01-31 -ණය ගැතියකුගේ රු.15000ක ණය සම්පූර්ණයෙන්ම පියවීමට රු.14000ක්
මුදල් ලබාගන්නා ලදී.