අභ්‍යාස අංක 11
පහත සඳහන් ගනුදෙනු මුදල් පොතක ඇතුලත් කර මුදල් ශේෂය ගණනය කරන්න.
2019-01-01 දින ව්‍යාපාරයක මුදල් භාරකරු භාරයේ මුදලින් රු.50,000ක් සහ රු.25,000ක් වටිනා චෙක් පත්‍රයක් තිබුණි.
- ව්‍යාපාරයේ ණය ගැතියකුගෙන් 2019-01-05 දින රු.18000ක චෙක් පත්‍රයක් ලද අතර තවත් රු.2000ක වට්ටම් ලෙස ලබාදීමෙන් ණය ගැතියාගේ සම්පූර්ණ ණය මුදල වූ රු.20,000 පියවා දමන ලදී.එම චෙක් පත්‍රය 2019-01-07 දින බැංකුවට තැන්පත් කරන ලදී.
- 2019-01-08 දින රු.300ක වට්ටමකට යටත්ව රු.3000ක ණය හිමියෙකුට මුදල් ගෙවන ලදී.
- රු.30,000ක ලකුණු කල මිලක් සහිත වූ භාණ්ඩ තොගයක් 10%ක වට්ටමකට යටත්ව පියල්ට ණයට විකුණන ලදී.එම අවස්ථාවේදීම පියල් විසින් රු.7000ක චෙක් පත්‍රයක් ලබාදෙන ලද අතර එම චෙක් පත්‍රය එදිනම බැංකු ගත කරන ලදී.
- 2019/01/20 පියල්ගේ රු.20,000ක ණය මුදල 5%ක වට්ටමක් යටතේ සම්පූර්ණයෙන්ම පියවීම සදහා රු.10,000ක් මුදල් හා රු.9000ක් වටිනා චෙක් පත්‍රයක් ලබාදෙන ලදි. චෙක් පත්‍රය 2019/01/25 බැංකුවට තැන්පත් කරන ලදි.
- 2019-01-30 දින රු.10,000ක ලකුණු කල මිලක් සහිත භාණ්ඩ තොගයක් රු.9000කට ණයට මිලදී ගන්නා ලද අතර එම අවස්ථාවේදීම රු.5000ක් ගෙවා ඉතිරිය පසුව ගෙවීමට එකග වන ලදී.