චෙක් පත් ලැබීම් මුදල් පොතේ සටහන් කිරීම.
ව්‍යාපාරයට අත්පිට මුදලට විකුණුම් හා ණයගැතියන්ගෙන් මුදල් ලැබීමේ දී මුදල් මෙන්ම චෙක්පත්ද ලැබෙන අවස්ථා ඇත. එසේ ලැබෙන චෙක්පත් එම අවස්ථාවේදීම බැංකුවට තැම්පත් නොකර මුදල් භාරකරුගේ සන්තකයේ තබා ගන්නේ නම් එම චෙක්පත් ද මුදල් පොතට හර කල යුතුය.එසේ ලැබීම් පැත්තේ සටහන් කල චෙක්පත් බැංකුවට තැම්පත් කිරීමේ දී මුදල් පොතේ ගෙවීම් පැත්තේ සටහන් කිරීම මගින් මුදල් ශේෂයෙන් ඉවත් කෙරේ.
ණයගැතියන් ගෙන් ලැබෙන චෙක්පත් වල වට්ටම් අඩු කිරීමක් වේ නම් එම වට්ටම් ප්‍රමාණය මුදල් පොතේ වට්ටම් තීරුවේ ඇතුලත් කල යුතුය.