මුදල් පොත හැදින්වීම
ව්‍යාපාරය වෙත ලැබෙන සියලු මුදල් ලැබීම් හා ව්‍යාපාරයෙන් සිදුකරනු ලබන මුදල් ගෙවීම් සටහන් කරනු ලබන මූලික සටහන් පොත මුදල් පොත නම් වේ. මුදල් පොතක ආකෘතිය ප්‍රධාන කොටස් 2 කින් සමන්විත වන අතර ඒවා මුදල් ලැබීම පැත්ත හා මුදල් ගෙවීම පැත්ත ලෙස මූලික වශයෙන් හඳුනාගත හැකිය. ප්‍රායෝගිකව මුදල් පොත සකස් කිරීමේදී දෛනිකව මුදල් පොතේ ලැබීම පැත්තේ එකතුවෙන් ගෙවීම් පැත්තේ එකතුව අඩුකිරීමෙන් මුදල් ශේෂය (අතඉතිරි මුදල) ගණනය කරනු ලබයි.