මුදල් වට්ටම්
ණයගැතියන් ගෙන් මුදල් අයකර ගැනීමේදී එම ණය මුදල ඉක්මනින් අයකර ගැනීමේ උපක්‍රමයක් ලෙස ණය මුදලින් යම්කිසි කොටසක් අඩුකර ගැනීමට අවසර ලබාදී ඇතිනම් එය දුන් මුදල් වට්ටමක් ලෙස හැදින්වේ.
එසේම ව්‍යාපාරය විසින් ණය හිමියෙකුට මුදල් ගෙවීමේදී එම ණය හිමියා විසින් අප ව්‍යාපාරයෙන් අය කර ගැනීමට ඇති ණය මුදලකින් යම් කොටසක් අඩුකර ගැනීමට අවසර ලබාදී තිබුනේ නම් එම අඩුකර ගත් ප්‍රමාණය ලද වට්ටමක් සේ හැදින්වේ.
සාමාන්‍යයෙන් අභ්‍යාසයන්හිදී දුන් මුදල් වට්ටම් හා ලද මුදල් වට්ටම් සහිත ගනුදෙනු වලදී “මුදල්” යන කොටස නොමැතිව දුන් වට්ටම් /ලද වට්ටම් යනුවෙන් පමණක් ලබාදේ.එහිදී එම වට්ටම් ණය මුදල් අය කර ගැනීම හෝ ණය මුදල් ගෙවිමට සම්බන්ද වට්ටමක් නම් එය මුදල් වට්ටමක් බව අප විසින් තේරුම් ගත යුතුය.
එම මුදල් වට්ටම් ගිණුම්ගත කිරීමට පහසුවීම සදහා ව්‍යාපාරයේ මුදල් පොතේ ලැබීම් පැත්තේ මෙන්ම ගෙවීම් පැත්තේද “වට්ටම්” නමින් සිහිවටන තීරු පවත්වා ගැනීම අවශ්‍ය වේ.මෙම තීරු සිහිවටන තීරු ලෙස හදුන්වන්නේ මුදල් පොත ශේෂ කිරීමේදී මෙම වට්ටම් තීරු ශේෂ නොකරන අතර ලැබීමේ හෝ ගෙවීමේදී ඒ තුල ඇතුලත් වට්ටම් කොටස වෙන් කර හදුනා ගැනීමට පමණක් මෙම වට්ටම් තීරු උපයෝගී කර ගන්නා බැවිනි.
අප විසින් ගනුදෙනු කරුවන්ගෙන් මුදල් අයකර ගැනීමේදී එසේ නැත හොත් ව්‍යාපාරයට මුදල් ලැබීමේදී දුන්වට්ටම් එම ලැබිය යුතු මුලු මුදලින් අඩුවන නිසා මුදල් පොතේ ලැබීමේ පැත්තේ දුන්වට්ටම් තීරුව දක්නට ලැබේ.
එසේම ව්‍යාපාරය විසින් මුදල් ගෙවීමේදී ලැබෙන අඩු කිරිමක් නිසා ලද වට්ටම් තීරුව මුදල් පොතේ ගෙවීම් පැත්තේ ඇතුලත් වේ.
ගනුදෙනුවක ඇති වට්ටම් කොටස වට්ටම් තීරුවේ සටහන් කර සත්‍ය වශයෙන්ම මුදල් ලැබෙන හෝ මුදල් ගෙවන අගය වටිනාකම තීරුවේ සටහන් කල යුතුය.
