ව්‍යාපාරයකට ඇති අවස්ථා යනු මොනවද උදාහරණ 5 ක් සපයන්න
භාහිර පරිසර සාධකයන්ගේ සිදුවන යම් යම් වෙනස්කම් නිසා ව්‍යාපාරයට වාසි සහගත ලෙස බලපාන තත්වයක් නිර්මාණය කරගැනීමට ව්‍යාපාරිකයාට හැකියාවක් ලැබේ නම් එය අවස්ථාවක් ලෙස නිර්වචනය කරයි.ව්‍යාපාරයකට ඇති අවස්ථා සහ තර්ජන හදුනාගැනීම සදහා ව්‍යාපාරයක් භාහිර පරිසරය පිලිබදව අධ්‍යනය කලයුතුවේ.
අවස්ථා සදහා උදාහරණ
- පාරිභෝගිකයන්ගේ ජීවන රටාව වෙනස්වීම
- රජය විසින් අඩු පොළී ණය ක්‍රම හදුන්වා දීම
- ව්‍යාපාර සඳහා බදු සහන ලබාදීම.
- නව නගර නිර්මාණය
- අධිවේගී මාර්ග ඉදිකිරීම.
