ව්‍යාපාරයක ශක්තින් සහ දුර්වලතාවයන් හදුනාගැනීමට කුමක් කල යුතුද ?
ව්‍යාපාරයක් තුල ඇති ශක්තින් සහ දුර්වලතාවයන් හදුනාගැනීම සදහා ව්‍යාපාරයක් අභ්‍යන්තර පරිසරය පිලිබදව අධ්‍යනය කලයුතුවේ ශක්තිමත් අභ්‍යන්තර පරිසර සාධක නිසා ව්‍යාපාරයක ශක්තීන් ඇතිවේ
ශක්තින් සදහා උදාහරණ
- ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් තිබීම
- අයිතිකරුවන්ට හොඳ දැනුමක් හා පලපුරුද්දක් තිබීම.
- යහපත් ආකල්ප, දැනුම, පලපුරුද්ද සහිත කලමණකරුවන් සිටීම
- සුවිශේෂී නිෂ්පාදන ක්‍රම
- පිළිගත් සන්නම් නාමයක් තිබීම
දුර්වලතාවයන් සදහා උදාහරණ
- අයිතිකරුවන්ගේ මුල්‍ය ශක්තිය ප්‍රමාණවත් නොවීම.
- පුහුණු සේවකයන් හිඟය
- තාක්ෂණික දැනුම යාවත්කාලීන නොවීම
- සේවකයන්ගේ අයහපත් ආකල්ප
- ව්‍යාපාරයේ භූගෝලීය පිහිටීම නුසුදුසු වීම.
