අවශ්‍යතාවල හා උවමනා අතර වෙනස්කම් මොනවද?(ලක්ෂණ)
- අවශ්‍යතා අත්‍යවශ්‍ය වේ. එනම් පුද්ගලයකුට ජීවත් වීමට ආහාර අත්‍යවශ්‍ය වේ. නමුත්උවමනාවක් අත්‍යවශ්‍ය නොවේ. උවමනාවක් සඳහා විවිධ ආදේශක තිබේ. ආහාර අවශ්‍යතාවය ඉටුකර ගැනීම සඳහා බත් යනු උවමනාවකි. නමුත් බත් අත්‍යවශ්‍ය නොවේ. පාන්, මස්, පලතුරු වැනි අනෙකුත් උවමනා මගින්ද ආහාර අවශ්‍යතා ඉටුකරගත හැක.
- අවශ්‍යතා සියලුම මිනිසුන්ට පොදු වේ. උදාහරණ ලෙස ඇඳුම් සියලුම මිනිසුන්ගේ පොදු අවශ්‍යතාවයකි. නමුත් ඇඳුම් අවශ්‍යතාවය ඉටුකරගන්න උවමනාවක් වන සරම, කලිසම, සාරි, ගවුම් වැනි උවමනා එක් එක් පුද්ගලයාට අනුව විවිධ වේ.
- අවශ්‍යතා නිර්මාණය කිරීමට නොහැකි අතර නිරායාසයෙන් ඇතිවේ. උදාහරණ ලෙස සෑම මිනිසෙකුටම ආහාර අවශ්‍යතාවය නිරායාසයෙන් ඇතිවේ. නමුත් උවමනාවන් නීර්මණය කල හැක. උදාහරණ ලෙස විවිධ ආහාර වර්ග උවමනාව ප්‍රචාරණය මගින් ව්‍යාපාරිකයන් විසින් මිනිසුන් තුල ඇතිකරනු ලබයි.(අතීතයේ ශ්‍රී ලංකාව තුල මවුවරුන් දරුවන්ට බොහෝවිට මවුකිරි ලබාදුනි. නමුත් වර්තමානයේ ළඳරු කිරිපිටි නිශ්පාදනය කරන සමාගම් විසින් විශාල ප්‍රචාරණ ව්‍යාපෘති මගින් ළඳරුවන්ට මවුකිරි වෙනුවට පිටිකල කිරි ලබාදීමේ උවමනාව ශ්‍රී ලංකා සමාජයේ නිර්මාණය කර ඇත.)
- අවශ්‍යතාවයන් සීමිත වේ.නමුත් උවමනාවන් අසීමිත ගණනක් තිබිය හැක. මිනිසුන් විසින් එක් උවමනාවක් ඉටුකරගත් විගස එම අවශ්‍යතාවයම ඉටුකර ගැනීම සඳහා තවත් උවමනාවන් භාවිතා කිරීමට ක්‍රියාකරයි
