ව්‍යාපාර පිලිබදව මුලික පදනම සක්ස්වුයේ කෙසේද ?
ඈත අතීතයේ මිනිසා තමාගේ අවශ්‍යතා සපුරාලීමට අවශ්‍ය භාණ්ඩ තමා විසින්ම සපයාගත් අතර පසුව අවශ්‍යතා සංකීර්ණ වීමත් සමගම මිනිසාට අවශ්‍ය සියලුම භාණ්ඩ හා සේවා තනිවම නිශ්පාදනය කරගැනීම අපහසුවිය. මේ නිසා ලෝකයේ භාණ්ඩ හුවමාරු ආර්ථික ක්‍රමය ඇතිවිය. මෙහිදී සිදුවූයේ යම් පුද්ගලයෙකුට වඩාත් හොඳින් නිපදවිය හැකිදේ අතිරික්තව නිපදවා එම අතිරික්තය ලබාදී වෙනත් අය අතිරික්තව නිෂ්පාදනය කරන දේ වලින් තමාට අවශ්‍ය දේ ලබාගැනීමයි. මෙසේ ආරම්භ වූ භාණ්ඩ හා සේවා හුවමාරු වීම ව්‍යාපාරවල ආරම්භයයි. මෙය බාටර් ක්‍රමය(Barter System)ලෙසද හැදින්වේ.
