ඒක පුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමේදී අනුගමනය කලයුතු පියවරයන් මොනවද ?
1. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ඉල්ලුම් පත්‍රය ලබාගැනීම. මෙහිදී අවශ්‍ය වන ඉල්ලුම් පත්‍ර 2කි
- ඒක පුද්ගල ව්‍යාපාර නාමය ලියාපදිංචි කිරීම සඳහා අවශ ඉල්ලුම් පත්‍රය
- ව්‍යාපාර නාම ලියාපදිංචිය සඳහා අවශ්‍ය ග්‍රාම නිලධාරී වාර්තාව ලබාගැනීමට අවශ්‍ය වන ඉල්ලුම් පත්‍රය
2.ග්‍රාම නිලධාරී සහතික කල වාර්තාව සහ නිවැරදිව සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පත්‍රය ලියාපදිංචියට අවශ්‍ය ගාස්තු සමග ප්‍රාදේශීය ලේකම් වෙත භාරදීම
3.ප්‍රාදේශීය ලේකම් ඉහත ලේඛන පරීක්ෂා කිරීමෙන් පසුව ව්‍යාපාර නාමය ලියාපදිංචි සහතිකය ලබාදේ.
මෙය ව්‍යාපාර ස්ථානයේ ප්‍රසිද්ධ කල යුතුය.
